අතීතයේ පාඩම් වලින් ඉගෙන ගෙන 2018 ලෝක පාපන්දු කුසලානය හමා යන කොරේෂියාවේ අසිරිමත් ගමන..

0
125
 imagesindex

 

ලබන ඉරිදා (15) මැදියම් රෑ නිමවෙනවාත් සමග 1938 සිට (දෙවන ලෝක මහා යුද්ධය පැවති සමය හැර) වසර හතරකට වරක් පැවැත්වූ තරගාවලියන්හීදී හතර වතාවක් කුසලානය තම රටට රැගෙන ගිය ප්‍රංශය හෝ 1992 දී පැරණි යුගෝස්ලාවෙන් වෙන්ව 1998 සිට ස්වාධීන තනි රටක් දෙස තරගාවලයට සහභාගි වෙමින් මේවන විට අසිරිමත් ගමනක යෙදෙමින් අවසාන තරගය දක්වා පැමිණ ඇති කොරේෂියාව 2018 පාපන්දු කුසලානය තම රටට රැගෙන යනු ඇත.

මෙවර තරගාවලිය සැබවින්ම පාපන්දු ඔස්තාර්ලාට එතරම් සුබදායක වුයේ නැත.
අවසාන තරගයට පැමිනෙතැයි අපේක්ෂා කල බොහෝ රටවල් මුල් කණ්‌ඩායම් වටයේදීම ඉවත්විය.

අපි අවසාන තරගයට එංගලන්තය පරදා සුදුසුකම් ලබා ගත් කොරේෂියාව ගැන කතා කරමු. මක්නිසාදයත්, මේවන විට ලොකයේ බහුතර ජනතාවගේ පැතුම කොරේෂියාව ලෝක කුසලානය හිමිකර ගැනීමයි.

ප්‍රථම වරට 1998දී
1998 සිට සෑම තරගාවලියකටම සහභාගිවී වූවත් මේ ඔවුන් අර්ධ අවසාන තරග දක්වා පැමිණි දෙවන අවස්ථාවයි.
කොරේෂියාව ප්‍රථමවරට පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එකතු වන්නේ 1998 වසරේදීය. එහෙත් ඔවුන් අවසාන තරගය දක්වා පැමිනෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
1998 දී තරගාවලියට සහභාගිවන කොරේෂියාව අවසාන පුර්ව තරගය දක්වා පැමින තුන්වන ස්ථානය හිමිකර ගත්තේය. ඒ වන විට ෆීපා(FIFA) ශ්‍රේණිගත කිරීම් වල 125 ස්ථානයේ සිට ඔවුහූ තුන්වන ස්ථානය දක්වා පැමිණියහ.

2014 දී බ්‍රසීලය අතින් අන්ත පරාජයකට පත්වීමෙන් කොරේෂියාවට මූලික කණ්ඩායම් තරග වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

2018 ආකර්ෂණීය ගමන:
කණ්ඩායම් තරග අදියරේදී නයිජීරියාව,අයිස්ලන්තය සහ ප්‍රබල ආජන්ටිනාව පරාජය කරමින් තමන්ගේ කණ්ඩායමේ ප්‍රථම ස්ථානයට පැමිණීමට කොරේෂියාව සමත්විය.

දෙවන අදියරේදී ඩෙන්මාර්කයට එරෙහිව පලමු මිනිත්තු හතරේදී ගෝලයක් ලබා ගත්තද තරගය අවසන් වන විට දෙපිලම ගෝල 01 බැගින් ලබාගෙන තිබුණි. එහෙත් අවසානයේදී ලබා ගත් දඩුවම් ප්‍රහාර අවස්ථාවේදී ඔවුන් 3- 2ක් දෙස ඩෙන්මාර්කය පරාජය කර අර්ධ අවසාන තරගයට සුදුසුකම් ලැබීය.
නැවතත් රැසියාව සමග පැවති අතිශයින්ම තරගකාරී තරගයේදී දෙපිලම සම ලකුණු ලබා ගැනීම නිසා ජයග්‍රහණය තීරණය කිරීමට දඩුවම් ප්‍රහාර අවස්ථාව ලබාදීමට විනිසුරට සිදුවිය එහිදී 4-3 ලෙස රුසියාව ඔවුන්ගේ මව්බිමේදීම පරාජය කර අවසාන පූර්ව තරගයේ කණ්ඩායම් හතර අතරට කොරේෂියාව පැමිණියේය.

අවසාන පූර්ව තරගයේදී අතිශයින්ම තරගකාරී එමෙන්ම අත්නොහරින ධෛර්යයෙන් යුතුව එංගලන්ත පරාජය කර අවසාන තරගයට සුදුසුකම් ලඛාගෙන ඇත.

අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්විට කොරේෂියානූ කණ්ඩායමේ ආරක්ෂිත ස්ථානයක ක්‍රීඩා කරන වර්ඩන් කුලුකා මාධ්‍යයට මෙසේ පැවසීය.
“අවුරුදු 20 කට පසුව නැවතත් අප අර්ධ අවසාන තරගය දක්වා පැමිණ ඇත. මෙය අපේ රටට සැබවින්ම සුවිශේෂි තත්ත්වයක්”
දැන් කොරේෂියානු පාපන්දු කණ්ඩායම තමන්ගේ රට ලෝකය ඉදිරියේ අතිවිශේෂ තත්ත්වයකට පත් කර ඇත.

කොරේෂියානු පාපන්දු කණ්ඩායමට රුසියාවේ පැවැත්වෙන 2018 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ලබාගැනීමට අනපේක්ෂිත ලෙස අවස්ථාව උදාවූයේ නැත. මක්නිසාද යත් කොරේෂියානූ ක්‍රීඩකයෝ සෑම අංශයකින්ම දක්ෂතාවය දක්වමින් මේ අවස්ථාව දක්වා තම රට රැගෙනවිත් ඇත.

පාපන්දු ක්‍රීඩාව අද වන විට ලෝකයේ ඇති ජනප්‍රියතම සහ ඉතාමත් ආකර්ෂණීය ක්‍රීඩාවයි. විනාඩි 90ක කාලය තුලදී දහස් ගණනක් ප්‍රේක්ෂකයන්ට මැදිව දැවැන්ත ක්‍රීඩා පිටියක සිදුවන මේ ක්‍රීඩාව කෝටී සංඛ්‍යාත ජනතාවක් රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ සජීවීව නරඹති.

15 වන ඉරිදා රාත්‍රිය තමන්ගේම රාත්‍රිය කරගැනීමට කොරේෂියාව දරන වෑයමට ප්‍රංශය ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි අපි බලා සිටිමු.

අරුණ ශාන්ත නෝනිස්
(අන්තර්ජාලය තුලින් ලබා ගන්නා තොරතුරු ආශ්‍රිතව ලියන ලදි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here