අතුරුදන්වුවන් පිළිබඳ යුක්තියේ සටන ගැන අනුරලාත් නිහඬයි ?

0
241

පසුගිය කාලයේ ලංකාව තුල පැවැති කැරළි වලදි අතුරුදන්වුවන්ට යුක්තිය ඉල්ලා උතුරේ නැගෙනහිර මෙන්ම දකුණේද අඛණ්ඩ විරෝධතා පැවැත්වුනි.

මෙවර දකුණේ පැවැති විරෝධතායන්හිදි වඩාත් කැපි පෙනෙන විරෝධතාවය වි තිබුනේ අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව විසින් දවස පුරාම සංවිධානය කර තිබුන විරෝධතා වැඩසටහනයි.

අගෝස්තු 30වනදාට  යෙදි ඇති අතුරුදන්වුවන්ගේ සැමරිමේ  ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණි.img 20240902 wa00347184909461652486675

පෙරවරුවේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානයේ කොළඹ කාර්යාලයට මෙන්ම තෝරාගත්.තනාපති කාර්යාල කිපයකටම ගොස් මෙම විරෝධතාකරුවන් සිය ඉල්ලිම් ඇතුලත් ලියවිල්ලක් භාර දි තිබුණි.img 20240902 wa00381818191974974629097img 20240902 wa00331604264385675217732img 20240902 wa00436421234053665021976

අතුරුදන්වුවන්ගේ ඡායාරූපද විවිද සටන් පාඨ සහිත පුවරුද අත දරාගෙන පාගමනින් යැමේදි අවස්තා කිපයකදිම පොලිසියද බාධා කර ඇති බව වාර්තා වියimg 20240902 wa00234122588379457356009img 20240902 wa00204091772121289675070

කෙසේ වෙතත් මේ සියල්ල අවසන ඔවුන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිය සමරු වැඩසටහන පවත්වන ලදි.img 20240902 wa00157731046316264249820img 20240902 wa00174295571617513176750

ඒ සඳහා තෝරාගත් පක්ෂ කීපයක ජනාධිපති අපෙක්ෂකයන්ටද ඇරයුම් කර තිබුනී.

එහෙත් පැමිණ තිබුනේ නව සමසමාජ පක්ෂයේ ජනපති අපේක්ෂක ප්‍රියන්ත විජේසිංහ සහ ජනබලවේගයේ නියෝජිතයෙකු වු මහින්ද රත්නායක පමණි.img 20240902 wa023528033193660968257037img 20240902 wa023425497607300274965702img 20240902 wa023324417906475137962230

අතුරුදන්වුවන්ගේ ලියවිල්ල ලබාගත් බවට අත්සන් කිරිමක්ද මෙහිදි සිදුවිය.

මානව හිමිකම් කඩකිරිම් පිලිබදව චෝදනා ලබා ඇති කිසිවෙකුට හෝ දඬුවම් නොදි නිදහස් කරනවා යැයි කව්රුන් හෝ කියන්නේ නම් එය හෙළා දකින බවද අවධාරණය කර සිටි අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු තවදුරටත් කියා සිටියේ යුක්තිය ඉටුකරවා ගැනිමේ සටනට සියලු දෙනාගේම සහය අවශ්‍ය බවය.

මේ අතර ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් පසුගියදා ඒ.පී.පුවත් සේවයට ලබා දි තිබුන සම්මුඛ සාකච්ජාවේදි කරන්නට යෙදුන බරපතල ප්‍රකාශයක් ගැන දැඩි විවේචනයක් ප්‍රතිපත්තිගරුක සමාජ ක්‍රියාකාරින් අතරේ වේ

මානව හිමිකම් කඩකරන ලද චුදිතයන්ට දඩවුම් කිරිමට සිය පරිපාලනය උත්සාහ නොකරන බව අවධාරණය කර තිබිම මෙයට හේතුවයි

ශ්‍රී ලංකාවේ 26 වසරක කුරිරු සිවිල් යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවකුට දඬුවම් කිරීමට තම පරිපාලනය උත්සාහ නොකරන බව දිසානායක මහතා පැවසීය.

ඒ වෙනුවට තමා අවධානය යොමු කරන්නේ යැයි කියන මානව හිමිකම් කඩවීම් විමර්ශනය කිරීම සහ වින්දිතයන්ගේ පවුල් සමඟ එකඟතාවක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බව ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පරීක්ෂණ සහ නඩු පැවරීම් ඉල්ලා සිටීමට තුඩු දුන් යුද්ධයේදී බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රජයේ හමුදා සහ බෙදුම්වාදී දෙමළ කොටි කැරලිකරුවන් යන දෙපිරිසටම චෝදනා එල්ල විය. https://apnews.com/article/sri-lanka-presidential-election-dissanayake-e7a92cc3c23be001cfdab6c44d540b84

“වගකීම පිළිබඳ ප්‍රශ්නයේදී, එය පළිගැනීමේ ආකාරයෙන් නොවිය යුතුය, යමෙකුට චෝදනා කරන ආකාරයෙන් නොව, සත්‍යය සොයා ගැනීමට පමණක් විය යුතුය,” දිසානායක පැවසීය. “වින්දිතයන් පවා කිසිවෙකුට දඬුවම් කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීම පමණි.

අතුරුදන්වුවන් සහ ඝාතනය වුවන්ට යුක්තිය ඉල්ලා දැවැත්තම අඛණ්ඩ  අරගලය විශේෂයෙන්ම උතුරු නැගෙනහිර තවදුරටත් ක්‍රියාත්මකය.
ලංකාව තුල සිදුකරන ලබන කිසිදු විමර්ශනයක් ගැන ඔවුන්ගේ කිසිදු එකඟතාවයක් නැති අතර නිරන්තරයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ස්වාධින ජාත්‍යන්තර අධිකරණයක් ඔස්සේ විමර්ශන සිදුකරන ලෙසය.

වගකිම පිළිබදව අනුර කුමාර විසින් සිදුකර ඇති ප්‍රකාශය සැබැවින්ම යුක්තිය ඉල්ලා දින දහස් ගණනක් තිස්සේ අරගලයක නිරනව සිටින මව්වරුන්ට කරනු ලබන අපහාසයක්ද වැනිය.ඒ මන්දයත් අනුර කියා සිටින්නේ චෝදනා නොකළ යුතු බවත් ඇත්ත පමණක් දැනගත යුතු බවත්ය1W0A4285 768x512 11W0A41341W0A4121 1 683x1024 11W0A4058 768x512 11W0A4107 683x1024 1

විශේෂයෙන් යුද්ධයේ අවසන් දිනයන්හිදි රජයේ හමුදාවන්ට භාරව වු දහස් ගණන ජනයාට සිදුවුයේ කුමක්ද යන්න ගැන තවමත් රජයට පිලිතුරක් නැ

පසුගිය යුද සමයේ රජයේ හමුදාවන් විසින් සිදුකරන්නට යෙදුණ ම්ලේච්ඡ ඝාතනයන් පිළිබදව සත්‍ය සිදුවිම් පදනම් විඩියෝ දර්ශන ඇතුලත් වාර්තා වැඩසටහන් පවා නිර්මාණය විය.

මේ සියල්ල තුල පෙනි යන්නේ යම් හෙයකින් ජාතික ජනබලවේගය මේ  ජනපතිවරණයේදි ජය ගන්නේ නම් ඡන්දයෙන් ඔබ්බට පවා යුක්තියේ සටන ඉතා පැහැදිලිව ලොප් වන බවය.

මේ අතර ජාතික ජනබලවේගයේ අදිටන සාමුහිකය කියා සිටින්නේ විශ්‍රාමික හමුදා නිලධාරින් සහ සොල්දාදුවන් 40000 කට ආසන්න පිරිසක් මේ වන විට ජාතික ජනබලවේගයත් සමගින් එක්ව කටයුතු කරන බවය

පසුගිය රාජපක්ෂ පාලනය සමය තුල මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනය  කර  තිබේ.
ඉන් 41 දෙනෙකුම දමිළ අය වෙති.

457248788 10234811816185017 5904811123742569855 n

ඡායාරුප – විකල්ප වෙබ් අඩවිය සහ FOD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here