Monday, September 23, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Editor's Choice අතුරුදන් කළා මදිවට අතුරුදන්වුවන්ගේ කාර්යාලයත් උදුරගන්න යන අධම දිනේශ්ලා !?

අතුරුදන් කළා මදිවට අතුරුදන්වුවන්ගේ කාර්යාලයත් උදුරගන්න යන අධම දිනේශ්ලා !?

0
94
disap 2අතුරුදහන් වූවන්ගේ කාර්‍යාලය තිබෙන ශ්‍රාවස්ති මන්දිරය හෝටලයක් සදහා ලබාදීමට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකර ඇති බව වාර්තා වෙයි.
දිනේශ්ලා ඇතුළු රාජපක්ෂ රෙජිමය පසුගිය රාජ්‍ය සමයේ අතිවිශාල ජනතාවක් අතුරුදන් කොට තිබේ.යහපාලන රජය බලයට පැමිණිමෙන් පසුව සිදුකර තිබුණ එක් පොරොන්දුවක් ප්‍රකාරව අතුරුදන්වුවන් වෙනුවෙන්  යුක්තිය ඉටුකරදිමේ යාන්ත්‍රණය සදහා වෙනමම කාර්යාලයක් පිහිටුවන්නට යෙදුණි.,දැන් මේ දිනේශලා වලිකන්නේ ඒ අසරණ ජනයා වෙනුවෙන් වෙන්කර තැබුන කාර්යාලය පවා යළිත් උදුරා ගැනිමටය.ශ්‍රාවස්ති මන්දිරය මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව භාරයේ තිබෙන අතර එය අතුරුදහන් වූවන්ගේ කාර්‍යාලය වෙත ලබාදී තිබෙනවාට වඩා හෝටලයක් කිරීම වඩාත් සුදුසු බව මේ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් අතුරුදහන් වූවන්ගේ කාර්‍යාලය පවත්වා ගෙන යාම අසාර්ථක කිරීමට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවය.

නියමිත පහසුකම් නොමැති ආයතනයක් බවට එය පත්කිරීම සහ අනතුරුව එය පවත්වාගෙන යාම අර්ථ විරහිත බව තහවුරු කිරීම මේ යෝජනාව පසුපස ඇති බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ පාර්ශව ඊට විරෝධයක් පවතින බවත් දැනගන්නට ඇත.

.

Exit mobile version