අතුරුදහන්වූවෝ සහ අයවැය

0
208


නොවැ 22 කොළඹ නවනගර ශාලවේදි පැවැති  මහජන මන්ත්‍රන සභාව සහභාගි වි සිටි  සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය 
  අදහස් ක්වමින් කියා සිටියේ , තමන් සැමියා අතුරුදහන් කළ පවුලක වින්දිතයෙකු බවත් සිය පුරුෂයන් අතුරුදහන්වූ පවල් වලට අයට අයවැය සම්බන්ධව කතා කිරීමට සිදුවන්නේ වින්දිතයන් ලෙසත් බවයි.

තම පවුලේ ආර්ථිකය ගෙනයන ප්‍රධානියා අතුරුදහන්වූ පසු එම පවුලේ ආර්ථිකය කෙබදු තත්ත්වයකද පත්වන්නේද කියා කිසිවෙක් සිතන්නේ ද යන්න ඇය මතුකළ අතර ඒ පිළිබදව කතා කරන්නට වන්නේ අතුරුදහන්වූ පවුල් වලට ලැබිය යුතු අයිතිවාසිකම් පිළිබදව බවත් ඇය සදහන් කළා.
”එම ත්ත්වය යටතේ මෙම රජය විසින් වින්දිතයින්ගේ පවුල් වලට ජීවත්වීම සදහා වන්දි ක්‍රමයක් ඇතිකරන්ඩ ඕනා
. ඒ වගේම ඒ පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලැබීම සදහා කිසියම් වූ ක්‍රමයක් ඇතිකරලා දෙන්නට ඕනා. මේක තමා වින්දිතයින්ගේ ජීවත්වීමේ ප්‍රශ්නය. නමුත් මෙ  අයවැයෙන් හෝ වෙනත් විදිහකට හෝ ලංකාවේ අතුරුදහන් කරවූ පවුල් වල සුබසාධනය පිළිබදව සොයා බලා සහනයක් ලබාදිලා නැහැ. අපි විශ්වාස කරන්නේ මේ අතුරුදහන් වූ පුද්ගලයින් තවමත් ජීවත් වෙනවා කියලා. අද හිරගෙවල් වලට මොකක්ද කරන්නේ.   දුර නෙමෙයි ,කොළඹ වැලිකඩ හිරගෙදර හිරකරුවන් ම්ලේච්ජ විදිහට ඝාතනය කරනවා. එහෙම කරද්දි හිර ගෙවල් වල ඉන්න මිනිස්සු පිලිබදව කොහොමද අපි විශ්වාස කරන්නේඅපි කොහොමද අතුරුදහන්වූවන් ගේ ප්‍රශ්නය මිනිසුන් අතරට ගෙනයන්නේ.   අද දකුණ අතුරුදහන්වූවන් ගැන කතාකරන්නේ නැහැ. දකුණට අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය අලුත් දෙයක් නෙමේ. දකුණ ඒ අත්දැකීම විදලා තිබෙනවා.

එහෙත් කැමැත්ෙතන් හෝ අකමැත්තෙන් හෝ අමතක කරනවා උතුරේ අතුරුදහන්වීම් ගැන. ඒ අය දෙමළ නිසා. අපේ තිබෙන ජාතිවාදය නිසා.
මහජන මන්ත්‍රන සභාව විදිහට අපේ තිබෙන අභියෝගය වන්නේ කොහොමද ලංකාවේ අතුරුදහන්වීම් ගැන, සිරකරුවන් ගේ අයිතිවාසිකම් ගැනසිරකරුවන් පවා ඝාතනය කරන මේ ආණ්ඩුවේ ම්ලේච්ජකම් ගැන මිනිසුන් අතරට ගෙන යන්ෙන් කොහොමද කියන එකයි.  ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here