අතුරුදහන්වූ ‘ කපිල කුමාර ‘ ගේ නීති විරෝධී පැහැරගැනීම ගැන ආරක්ෂක අංශ වෙත චෝදනා

0
364

2024 මාර්තුතු07 වනදා සවස කපිල කුමාර නමැති විවාහක පුද්ගලයෙකු හො‌රොව්පතානේදි අභිරහස් ලෙස අතුරුදහන්වී දවස් 25කට පසු හදිසියේම පසුගිය 21 වනදා  ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත්කර තිබේ. ඔහුව අතුරුදහන්කර දින 25ක් ගතවෙන තෙක් නිතිය හමුවට ඉදිරිපත් නොවිමත්, ඔහු සිටින ස්ථානය පිලිබඳව කිසිු හෝඩුවාවක් දැනුම් දීමට පොලිසිය හෝ වෙනත් ආරක්ෂක අංශ සමත් නොවීමත් නිසා මෙම සිදුවීම මහත් ආන්දෝලනයකට ලක්වූ සිදුවීමක් විය.  මෙම සිදුවීම සම්බන්ධයෙන් දිගන් දිගටම පෙනී සිටි අතූරුදහන්වූවන්ගේ ඥාතින්ගේ ඒකතුව විසින් අද  ඇල්පිටිය නගරයේ දී විරෝධතාවක් හා පත්‍රිකා බෙදිමක් සංවිධානය කරන ලදී. ඒහිදී ඔවුන් කියා  සිටියේ පුද්ගලයෙකු අත්අඩංගුවෙට ගැනීම පවතින නීතිය යටතේ සිදුවිය යුතු බවත්,ඊට පිටින් ගොස් පුද්ගලයන් අතුරුදහන්කිරීම වරදක් බවත්, මෙම වරද සිදුකළ ආරක්ෂක අංශ දඩුවම් දැමිය යුතු බවත්ය.