මේ පිරිස ‘අතුරුදන් වුවන් සොයායන ඥාතීන්ගේ සංගමය’ නියෝජනය කරන අතර ඔවුන් උතුරේ තම ගම් බිම් වල සිට පැමිණ ඇත්තේ හෙට (6) පෙරවරුවේ දී කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල පැවැත්වෙන සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වීමේ අරමුණ ඇතිවය.
එහෙත් පොලිසියි විසින් පවසා ඇත්තේ ආරක්ෂාව පිළිබදව ගැටළු මතුවිය හැකි බැවින් මේ පිරිසට කොළඹ යාමට අවසර ලබාදිය නොහැකි බවය.
ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් මහතා ඇතළු විපක්ෂයේ විරෝධයේ පක්ෂ නායකයන්ද දැනටමත් මේ සම්බන්ධයෙන් පොලිසියේ ඉහල බලධාරින්ගෙන් කරුණු විමසා ඇතැයි වාර්ථා වේ.
මේ අයව බොහෝ දුරට හෙට අලුයම පිටත්විමට අවසර දේවි යැයි බලාපොරොත්තු වන එහි සංවිධායකන් පවසා සිටින්නේ සැලසුම් කළ පරිද්දෙන් හෙට දිනයේ උද්ඝෝෂණය පැවැත්වෙන බවය.