අතුරුදහන් වූ අයෙකුගේ මළ සිරුරක් කුරණින් හමුවේ.

0
230

මීගමුව කුරණ සාන්ත ජුඩ් විද්‍යාලය පිටුපස කලපු ඉවුර ආශ්‍රිත ලඳු කැලවක හදුනාගත නොහැකි ලෙස නරක් වී තිඛෙන මල සිරුරක් ඇති බවට අද (2013/01/25) පෙරවරුවේදී මීගමුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව කල විමර්ෂනයකදී හෙලි වුයේ එලෙස කලපු ප්‍රදේශයේ තිබූ එම මල සිරුර ඒ ආසන්නයේ එනම් කුරණ ශාන්ත ජුඩ් විද්‍යාලය ආසන්නයේම ජීවත් වු අයෙකුගේ බවයි.
හදුනාගෙන ඇති පරිදි මීගමුව , කොළඹ පාරේ , 02 වන කුරණ , අංක 486/10 , නිවසේ ජීවත් වු ඔහු 45 හැවිරිදි රොයෙල් ප්‍රනාන්දු හෙවත් සීනියා නැමැති අයෙකි. වෘත්තියෙන් වතුවල තනකොල කපන්නෙක් ලෙසට කටයුතු කල අතර විවාහකයෙකි.
ව්‍යාජ ලියකියවිලි මත ඉඩමක් අලෙවි කිරිමේ සිද්ධියකට මැදිහත් වී සිටි ඔහු පසුගිය 17 වෙනිදායින් (2013/01/17) පසුව අතුරුදහන් වී ඇත.
එලෙසම ඔහු ගේ අතුරුදහන් වීම සම්බන්ධව පසුගිය 18 වැනි දින මීගමුව පොලිසියට පැමිණිල්ලක් කිරීමට යාමේදී මීගමුව පොලිසිය විසින් එම පැමිනිල්ල භාරගෙන තිබුනේ නැත. එහිදී පොලිසිය රොයෙල් ප්‍රනාන්දු ගේ බිරිඳට පවසා ඇත්තේ ඉඩම් ප්‍රශ්ණයකට අදාල එම ඉඩම් අයිතිකරුවන් තම සැමියාට  විරුද්ධව පොලිසියේ පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල විභාග කිරීම සදහා ඔහුව පොලිසියට අවශ්‍යව ඇති බවයි. ඒ අනුව එම පැමිනිල්ලට බිය වී සැගවී සිටින තම සැමියාව ඉක්මනින් පොලිසියට පැමිණිමට කියන ලෙසද පොලිසිය එහිදී පවසා ඇත.
එහෙයින් පොලිසිය පවසා ඇත්තේ ඔහු යම් බොරුවක් කර පොලිසිය නොමග යැවීමට සැගවී සිටින බවත් ඒ නිසා ඔහු අතුරුදහන් ව ඇති බවට කරනා පැමිණිල්ල භාර ගත නොහැකි බවත්ය. ඉන් පසුව ඔහු ගේ පවුලේ අයට ඔහු පිලිබදව කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි වී තිබේ.
කෙසේ වුවද මෙලෙස කුරණ ප්‍රදේශයේ කලපු ඉවුර ආශ්‍රිත ලදු කැලවක තිබී හමු වු මෙම මල සිරුර තම සැමියාගේ බවට 36 හැවිරිදි අනුෂා නිර්මලී පෙරේරා යන අය හදුනා ගත් අතර රොයෙල් ප්‍රනාන්දු ගේ මව ද එම ස්ථානයට පැමිණ මෙම මළ සිරුර  තම පුතු ගේ බවට හදුනා ගත්තාය. මොහු මීට වසර 12 කට පමන පෙර මුද්‍රණාලයක රැකියාවක් කරන විට ඔහුගේ වම් අතේ මා-පට ඇගිල්ලේ සිට සික්කිනි ඇගිල්ල දක්වා වූ වම් අතේ කොටසක් එම මුද්‍රන යන්ත්‍රයට හසුව වෙන් වී තිබේ. එලෙසම ඔහුගේ දකුනු අතේ ඇඟිලි වලින් සුළු කොටස් කිහිපයක්ද එම මුද්‍රණ යන්ත්‍රයට හසුවී තිබේ. ඒ අනුව ඔහුගේ බිරිද සහ මව ඔහුගේ වම් අතේ සහ දකුණු අතේ ඇති එම ලක්ෂන අනුව මෙම මළ සිරුර රොයෙල් ප්‍රනාන්දු යන අයගේ  බවට ස්ථීරව හදුනා ගෙන තිබිනි.
එමෙන්ම බිරිද සහ මව පවසන පරිදි ඔහුට කිසිදු තරහකාරයෙකු හෝ ඔහු සමග උරනව කටයුතු කල පුද්ගලයෙකු සිට නොමැත.
එම මල සිරුර හමු වූ ස්ථානයට මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් වූ නිෂේන්ද්‍ර ඒකනායක මහතා පැමින මුලික අධිකරණ පරීක්ෂන කටයුතු සිදුකල අතර පශ්චාත් මරණ පරීක්ෂනය පැවැත්වීම සදහා මළ සිරුර මේ වන විට මීගමු රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අංශය වෙත භාර දී තිබේ. මීගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වති.