අතේ ඉතිරිවන රු 10ටත් විදින රෝහල් කැන්ටින්

0
65

මේ ලගදී දිනක මීගමුවේ රෝහලේ කැන්ටිමට ගියේ අරඹා තිබූ වැඩ වර්ජනය නිසා රෝහලේ
තත්ත්වය පිළිබදව සොයා බැලීමටය.   ඒ අතරදී කැන්ටිමට ගොඩ වූයේ බඩගින්නකට මොනවාහරි කෑමටයි. රෝල්ස් එකක් ඉල්ලුවෙමි – එහි මිළ 30 කි. ඉතුරු රු 10 දෙන්නට මාරු නැත.  කැනටිමේ සේවකයෙක් හෝ කැෂියර් හෝ විය හැක. ඔහු මා දෙස බලා සිටී. මා ද ඉතුරැ දෙන තෙක් සිටියෙමි. ඉතරු නැත. රු 10ට ‍චොක්ලට් එකක් දෙන්න ද? ඔහු විමසයි -චොක්ලට් ?
ඒ මොහොතේ මට චොක්ලට් එකක් කන්නට කිසිම උවමනාවක් තිබුණේ නැත. රෝහල ලග
ඉදන් කාර්යාලය ලගට යන්නට තියාගෙන සිටි රු 10ට මොකද වෙන්ඩ යන්නේ යැයි මම කල්පනා කරමි.  රෝල්ස් එක ද ඉතුරු සල්ලි ද?  – මාරු රු 10ක නැද්ද – නෑනේ -එහෙනම් රෝල්ස් එක තියාගන්න. මා දුන් රු 40 රැගෛන නැවත ආවෙමි.
මේ විදිහට රෝහලට එන අයගෙන් හා නේවාසික රෝගීන්ගේ ඥාතීන්ගෙන් දවසට කී දෙනෙකුට රු 5 හේ 10 හේ ඉතුරු සල්ලි  වලට තට්ටු වනවා ඇති ද ? ජීවන මිළ දරාගැනීමට
බැරිව රටේ හැම තැනම වර්ජනය. පසුගිය කාලේ පරිපූරක වෛද්‍ය සේවකයෝද වර්ජනය කළේ ඔවුන්ටත් දීමනා මදිය. එම වෘත්තියේ නියැලෙන්නන් ද මැසිවිලි නැගුවේ කන්ඩ බොන්ඩ කොච්චර අමාරුද.  මේ පඩියෙන් ජීවත්වෙන්නේ කොහොමද ? මේවා අද වර්ජනයේ නියැලෙන
සියලුම දෙනා  නගන අදෝනාය. එහෙව් කාලයක තමන්ගේ පොකට් එකට විදින  දාහක්
ක්‍රම හමුවේද ජනතාව තවත් පීඩා විදිති.   බස් එකේ ගියොත් ඉතුරු දෙනකම් කල්පනාවෙන්
සිටිය යුතුය. අමතක වුනොත් ඉතුරු ද නැත. ඉතින් ජීවත්වීමේ සටන වෙනුවට  ඉතුරු සල්ලි බේරා ගැනීම ද තවත් සටනකි.