අත කපපු මැරයෝ සුදු ඇදන් පොලිසියට පැමිණ ලක්ෂ 5 ක් ගෙවා සමාදාන වෙති.

0
345
සිවිල් ආරක්ෂක කමිටු රැස්විම අමතන ගරු ශ්‍රියානන්ද පියතුමා

 

සිවිල් ආරක්ෂක කමිටු රැස්විම අමතන ගරු ශ්‍රියානන්ද පියතුමා

තමන් ගේ 37 ක් වසරක සේවා කාලය තුල  තමන් සේවය කළ ජරාම නගරය යැයි මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතා ප්‍රකාශ කළේ 2013 අප්‍රේල්29 වනදා සවස මීගමුව පොලිස් ශ්‍රවණාගාරයේදි පැවැති සිවිල් ආරක්ෂක කමිටු රැස්විමකදිය.
ඔහු කළ මේ ප්‍රකාශය යළි යළිත් සනාථ වු සිදුවිමක් මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය තුලදිම 2013 අප්‍රේල් 30 වනදා සිදුව තිබුණි.
එනම් අප්‍රේල් 26 වනදා උදේ 10 ට පමණ මීගමුවේ දළුපත හංදියේ දි ජුඩ් නාමල් නැමැත්තෙකු ව වාහනයකින් පැමිණි පිරිසක් විසින් වම් අතේ පස් පොළක් කපා සුළැඟිල්ල වෙන්වෙන තරමේ බරපතල තත්වයකින් මීගමුව රෝහලට ඇතුලත් කර සුළු වේලාවකින්ම එනම් 10.55 ට පමණ වැඩිදුර ප්‍රතිකාර සදහා  කොළඹ මහරෝහලට මාරකර යැවු බව රෝහල් පොලිස් පොතේ සටහන්ව ඇත.
මීගමුව රෝහලට ඇතුලත් කළ සැනින්ම කොළඹ රෝහල මාරුකර හැරියේ නම් එකි රෝගියාගේ තත්වයේ බරපතල කම ඉන්ම කියැවි හමාරය.
මෙසේ කඩුවකින් කපා අතින් පයින්ද පහර දි මේ පිරිස් කෙලින්ම  ගොස් තිබුනේ මීගමුවේ දේශපාලන ප්‍රධානියෙකුගේ කාර්යාලයට බව අප හෙළි කළෙමු.
කෙසේ වෙතත් මේ සියළු දෙනාගේම නම් ගම් සියල්ල මීගමුව පොලිසියට ජුඩ් නාමල්ගේ පවුෙල් අය විසින් ලබා දි තිබුනද ඒ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනුනේ නැත.
මේ නිසාම මීගමුව පොලිසියට එරෙහිව දළුපත හංදියේ ටයර් පුළුස්සා විරෝධය පළකරන්නට ජුඩ් නාමල්ගේ ඥාාතින්ට සිදුවුයේ පොලිසිය මේ මැරයන් කිසිවෙකුත් අත්අඩංගුවට නොගත් නිසාය.මෙම විරෝධතාව පැවති ස්ථානයට පැමිණි මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකතුමා විරෝධතා කරුවන් හට පොෙරාන්දු දි තිබුනේ එදින මේ මැරයන් අල්ලා ගන්නා බවය.
මේ අතර අපගේ ආරංචි මාර්ග සදහන් කර තිබුනේ අත කැපු මැරයන් සහ තුවාලකරු අතර සමාදානය වෙනුවෙන් සාකච්ජාවක් යමින් තිබෙන බවය.
ඒ ගණු දෙුනුවේ ලංසුව ලක්ෂ 5 ක් බවද අප හෙළි කළෙමු.
අප කළ ඒ සියළු හෙළිදරව් කිරිම් සත්‍ය බව ඔප්පු කෙරෙමින් 2013 අප්‍රේල් 30 වනදා මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය තුලදි ලක්ෂ 5 ගණුදෙනුව සිදුවිය.
විපතට පත් පාර්වශය මෙවැනි මුදලක් ගනිමින් සමාදානයට පැමිණිම අපට තේරුම් ගත හැක.ඒ ඔවුන්ගේ අසරණ භාවය නිසාවෙනි.
මහ දවල් කඩු රැගෙන පැමිණ බරපතල තුවාල සිදුකර පොලිසියට භාර නොවි කට්ට් පනිමින් සිටි පිරිසක් පොලිසියට කැදවා සමාදාන කිරිම තුල මේ රටේ නිතිය සහ ක්‍රමවත්භාවය සුරකින්නට සිටින පොලිසියේ තරම අපට තේරුම් ගත හැක.
29 වනදා සහකාර පොලිස් අධිකාරි වරයා තමන්ගේ ජිවිත කාලයේ ජරාම නගරය යැයි පවසන්නට ඇත්තේ මීගමුවේ පොලිසි තුල මෙවන් දෑ සිදැ සිදුවෙමින් පැවතිම නිසා විය යුතුය.
මේ අකාරයට දේශපාලකයන්ට අවැසි අයුරින් නිතියේ ඇති ප්‍රතිපාදන වෙනස් කිරිමට මීගමුව පොලිසියට හැකිදදදදදද???
එසේ නම් මීට වඩා මාරාන්තික දෙව්ල් කරමින් ද   විවිධ දේශපාලන කොන්ත්‍රාත්  භාර ගනිමින් ජනයා හට විවිධ ද අඩම් තේට්ටම් සිදුකලද ඒ  ් සියල්ල දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන්  සහ පොලිසියේ ආශිර්වාදයෙන් මෙසේ මුදලින් චන්දි ගෙවා ගණුදෙනුවක් බවට පත්කළ හැක්කේ නම් නිතියක්  කුමකටද?
මීගමුව අද නිතිය වල්වැදුන නගරයක් බවට තවත් සහතිකයක් අවැසිදැයි අප ට අසන්නට වන්නේද මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතාගෙන්මය.