අදටත් වඩා හෙටට ඇවැසි මිනිසකුගේ සමුගැනිම !

0
45

FB_IMG_1559796548705

 

ලාංකීය සමාජ අරගලය තුල ප්‍රතිපත්තිගරුක සමාජ ක්‍රියාකාරිකයෙකු වු ප්‍රේමපාල හේවාබටගේ මහතා දැන් ජීවිතයෙන් සමුගෙනය.වසර 1971  ජවිපෙ කැරැල්ලේ ප්‍රධානියෙකු වු ඔහු  මහ නඩුවේ 38 වැනි විත්තිකරුවාද විය.වසර ගණනාවක් සිරගතව සිට නිදහස ලැබු ප්‍රේමපාල හේවාබටගේ  මහතා පසුව විවිධ සමාජ දේශපාලන ව්‍යපාරයන් තුල සිය ප්‍රතිපත්තිගරුක යුග මෙහෙය සිදුකළ අතර ජාතික ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මෙහිදි ඔහුගේ එක් ප්‍රබල මැදිහත්විමක් සිදුකල තැනක් විය.මිනිසුන් පමණක් අපමණ ලෙස හම්බකරගැනිමට සිය ජිවිතය වැය කළ ප්‍රේමපාල හේවාබටගේ මහතාගේ අවසන් කටයුතු 2019.06.08 දින (සෙනසුරාදා ), පස්වරුවේ අක්කර 20, ඉංගිරියේදී පැවැත්විමට නියමිතය.ලාභ ජනප්‍රියන් සදහා කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රතිපත්ති පාවාදෙන්නන්ගෙන් සමාජය දිනපතා පිරියමින් ඇති සමයක ප්‍රේමපාල යනු අදටත් වඩා හෙටට ඇවැසි මිනිසෙකි.