නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 10 දෙනෙකු අද පස්වරු 2.55 වන විට වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 09 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු හිදී කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බවද සදහන්ය.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2763ක් වන අතර සුවය ලබා ඇති සමස්ත රෝගීන් පිරිස 2094ක් වනවා.
ඒ අද උදෑසන කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පුර්ණ සුවය ලැබ තිබිමත් සමඟින්ය.
මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 658ක් වන බවද වාර්ථාවේ.
මේ අතර පාසැල් ආරම්භ කිරිම ලබන සතියේ සිදුකිරිමට නියමිතය .සෞඛ්‍ය ඇමතිවරියගේ සහ රජයේ ක්‍රියාමාර්ග වලට විරෝධය පළකරමින් මහජන පරික්ෂකවරු විරෝධය තවදුරටත් පවති.