අදත් ගැලවූ මැතිවරණ පෝස්ටර්

0
180

WhatsApp Image 2024 11 13 at 15.42.29 f7663a4b

මීගමුව, පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (2024/11/13) දිනයේදී මීගමුව නගරය ආශ්‍රිතව ඇති පාරවල් වල මෙන්ම ප්‍රධාන මාවත් වල තාප්ප හා විදුලි කනු ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවල අලවා තිබූ මැතිවරණ පෝස්ටර් ඉවත් කරන අයුරු දැකගත හැකි විය.
මැතිවරණ නීති රීති අනුව ,මැතිවරණ ප්‍රචාරක කාලය අවසන් වීමෙන් පසුව, දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මගින් ප්‍රසිද්ධ ස්ථානවල අලවා ඇති පෝස්ටර් මෙලෙස ගලවා ඉවත් කිරීමට පොලිසියට බලය පැවරී ඇත. ඒ අනුව ඊයේ දිනයේත් එලෙසම අද දිනයේත් මීගමුව නගරයේ සහ නගරය ආශ්‍රිතව මෙලෙස අලවා ඇති මැතිවරණ පෝස්ටර් ඉවත් කිරීමේ කාර්යය සඳහා පොලිස් නිලධාරින් යුහුසුළුව කටයුතු කරන අයුරු දැක ගත හැකි විය.

WhatsApp Image 2024 11 13 at 15.42.30 bb1d04d9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here