අදත් මිගමුවේ මාළු මිළ පහලට ! පුච්චකණ්නි කිලෝවක් රු 170 යි !

0
312

පුච්චකණ්නි

මේ දිනවල මාළු මිළ සැලකිය යුතු ලෙසින් පහලට ගොස් තිබේ. මෙසේ මිළ පහල ගොස් ඇත්තේ පසුගිය වසරට පසුව විම විශේෂත්වයකි
ලින්නා ,ලේන පරව්,හුරුල්ලා , ඇටවල්ලා පසුගිය දිනවල මෙසේ මිළ පහල ගිය මසුන් අතරේ විය.
ඊයේ දිනයට සාපෙක්ෂක්ව අද මිළ අඩුම මාළු වර්ගය ලෙසින් වෙළදපල ආරංචි මාර්ග දක්වා සිටින්නේ පුච්චකණ්නි යන මසුන් වර්ගයයි.මිගමුව අවට මුහුදේ ඊයේ දිනයේ පුච්චකණ්නි මසුන් වර්ගය බහුලව හසුවි තිබේ
අද එය කිලෝයවක් රු 170 ක් පමණ විය.
අද ලින්නා මිළ රු 220 යි .ලේන පරව් 280 යි  ලෙස ලකුණු වි තිබේ.
ඊයේ දිනයට සාපෙක්ෂකව හුරුල්ලා මිළ ඉහල ගොස් තිබේ.
ඊයේ දිනයේ රු 250 ක් වු හුරුල්ලා මිළ අද රු 350 ක් 400 ත් අතර අගයක් ගෙනතිබුණි