අදත් මීගමුවේ බෝට්ටු 95% කටත් වඩා ගොඩ,,…..

0
34

ධීවර පවුල් මේ දිනවල දිවි ගෙවන්නේ දැඩි අපහසුවකිනි.ඒ දින 10 කටත් වඩා කාලයක් කිසිදු අදායම් ඔවුනට නොතිබුන නිසාවෙනි.ධීවර සංවිධාන නියෝජිතයන්ගේ එකගතාවය රජයේ යෝජනාවලියට ලැබි ඇත. සටන අවසන් ව ඇත්තේ එලෙසිනි. සහනාධාරය ලබාදෙනු වස් යම් සැලසුම් සැකසෙමින් පවතින බව දැනගන්නට තිබේ. එහෙත් ධීවරයන් තවමත් සිටින්නේ දෙගඩියාවෙනි.මේ නිසා අදත් මීගමුවේ පොඩි බෝට්ටු 95% කටත් වඩා මුහුදට ගොස් නැති බව අපට දන්වා සිටියේ පසුගිය දිනවල ධීවර අරගලයේ සිටි නම හෙළි කරන්නට අකමැති ක්‍රියාකාරිකයෙකි.