(7.30 am )අදත් මිගමුවේ සාලයා මිළ පහල අගයක පවතින බව වාර්තාවේ.කිලෝවක අද මිළ වන්නේ රු 250කි.අද මිගමුව දූව පිටිපන ලෙල්ලමේ සාලයා මසුන් දකින්නට ලැබෙන බවද අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
මේ ආකාරයෙන් මසුන් බහුල ලෙස පැමිණිමේදි දැන් මතුව ඇති ගැටළුව වන්නේ මත්‍යස්‍ය තොග වැඩි වශයෙන් ඉතිරි වන්නේ නම් ඒවා කරවල නිෂ්පාදනය සඳහාවත් දිමට හැකියාවක් නැතිවි තිබෙන්නේ දැනට මතුව ඇති ලුණු හිඟය නිසාවෙනි.