අදත්, හෙටත් මීගමුවට දුම්රිය එන්නේ නැත්තේ ඇයි ?

0
42
SriLanka-s11-train-ext
කුරන සහ ගල්කන්ද අතර දැනට තනි දුම්රිය මාර්ගයක් වශයෙන් පවතින කොටස ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කිරීමේ මූලික වැඩ පසුගිය 11 වනදා  සිට ඇරඹුණ අතර, එය 17දා දක්වා ක්‍රියාත්මක වේ.
මෙහි ප්‍රධාන කාර්යය එනම් පවතින දුම්රිය මාර්ගය ගලවා,එය දැනට පවතින දුම්රිය මාර්ග මධ්‍යයේ සිට අඩි 6_1/2ක් පමණ වම්පසට වන්නට නැවත ඉදිකි⁣රීමේ කටයුතු  සෙනසුරාදා හා ඉරිදා (14හා15) දිනවලදී සිදුකිරීමට නියමිතය.
මෙම කටයුතු සිදුකිරීම සඳහා පුත්තලම් දුම්රිය මාර්ගයේ කුරන හා මීගමුව අතර කොටස සෙනසුරාදා (14) උදෑසන කාර්යාලයීය දුම්රියන් ගමන් කිරීමෙන් පසුව වසා තැබෙනා අතර එය පසුදා (15) පස්වරු 09.00 දක්වා වසා දැමෙන අතර සඳුදා සාමාන්‍ය පරිදි කාර්යාලයීය දුම්රියන් ධාවනය වනු ඇත.
මීගමුව හා කුරන අතර දුම්රියන් ධාවනය නොවන කාලසීමාව තුලදී කොළඹ කොටුව හා කුරන අතර සහ පුත්තලම හා මීගමුව අතර සීමිත දුම්රිය සේවයක් පවත්වා ගෙන යාමට සැලසුම් කොට ඇති අතර එම තාවකාලික දුම්රිය කාලසටහන පිළිබඳ තොරතුරු දුම්රිය ස්ථානවලින් ලබාගත හැකිය.