අදින් පසු මීගමුවේ පාලනය කොමසාරිස්ටද ?ලංසා පවුලටද ?

0
64

MC NGBමීගමුව මහනගර සභාවේ පාලන කාලය ඊයේ මැදියම් රැයින්  අවසන්ය. පළාත් පාලන නිතිප්‍රකාරව එහි පාලනය හිමිවිමට නියමිතවඇත්තේ නාගරික කොමසාරිස් හටය.
එහෙත් ඇත්ත ප්‍රශ්ණය වන්නේ පසුගිය කාලය තුලදි ඔහු සිය ක්‍රියාකාරිත්වය තුලින් පෙන්වා ඇති පරිදිත් ,මීගමුවේ චණ්ඩි දේශපාලන අධිකාරිය විසින් නිළධාරින් බියගන්වා අපි කියන දේ නොකළොත් බලාගමු යැයි ඇගවිම් කර තිබිම නිසාත් මීගමුව ඇත්තටම අද ඉදන් පාලනය කරන්නේ කව්දැයි ප්‍රශ්ණයක් ව තිබිමයි.
මහින්ද රාජපක්ෂගේ එකාධිපති පාලනයත් ලංසා පවුලේ බඩු බේදිමේ දේශපාලනයත් එකවර අන්ත පරාජයකට පත්කළද යහපාලනය මීගමුවට ගලාගෙන ආවේ නැත.
මීගමුව තවදුරටත් පාලනය වුයේ මීගමුවේ කළු සල්ලි මාෆියාව විසිනි.
මේ පසුබිම යටතේ මීගමුව නාගරික කොමසාරිස්වරයා විසින් ස්වාධින පාලනයක් ගෙනයාවිද ?නැතිනම් ඇමති නිමල් ලංසාගේ රූකඩයක් වේවිද ?
ඇමති නිමල් ලංසා විසින් පසුගිය කාලය තුල විශාල කම්කරුවන් සංඛ්‍යාවක් නිශ්චිත වගකිම් රහිතව වුවද බදවා ගෙන ඇත.
මේ අයව තමන්ගෙ වැඩකටයුතු පහසුවෙන් නඩත්තු කරගැනිම සදහා අවැසි තැන්වල ස්ථාන ගතකිරිම සදහා සුදානමක් ඇති බවට රාවයක් පවති.
මේවා ගැන නාගරික කොමසාරිස්වරයා කටයුතු කරන ආකාරය දෙස අප වෙනදාටත් වඩා අවධානයෙන් සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here