අද කොන්දොස්තර හෙට ඩිපෝ මැනේජර් වන ලංගමයකින් ලාභ ලැබිය හැකිද ?

0
122

ඊයේ 29 වනදා රාත්‍රියේ සිට මීගමුව ඩිපෝවේ සේවකයන් විසින් වැඩ වරජනයක් දියත් කරන ලදී. අද උදෑසන විට ඔවුන්ගේ ඉල්ලීම් වූ මාස 3ක පමණ හිග වැටුප් ගෙවන බවට ලැුබුණ එකගතාවයක් මත එම වර්ජනය නවත්වන ලදී.
මේ ආකාරයට අවුරුද්දට කීප වතාවක් ලංගම ඩිපෝවල සේවකයන් හිග වැටුප් ඉල්ලා
වර්ජනය කරති.  ඒවා කවුරු හෝ ඉහළ නිලධාරියෙකු පැමිණ සමථයකට පත්කර නැවත පසුදාට අපට පාරේ රතුපාට ලංගම බස් දුවනු පෙනේ.
මෙවැනි තත්ත්වයක් ලංගමට ඇතිවී තිබෙන්නේ අැයිද යන්න  විමසද්දී  මෙම සේවයේ නියුතු නිලධාරියෙකු පැවසූවේ ලංගම යනු අද වනවිට  කිසිදු පිළිවෙලක් නැති – විනිවිද දැකිය හැකි පරිපාලනයකින් තොර ආයතනයක් බවට පත්වී අවසන් බවයි. ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීමට බාධාවන් වී ඇති ප්‍රධාන කාරණා අතරින් එකක් වන්නේ සුදුසුකම් ඇති නිලධාරීන් වෙනුවට දේශපාලන හෙංචයියන් පත්වීම් ලැබීමත් , එහි ක්‍රියාකාරීත්වය වන  සියලූම සේවාවන් දූෂණයට යටවී තිබීමත් බවයි.  ජනතා සන්තක පුවාහන ක්‍රමය යටතේ මෙම බස් සේවාව ඉතා විධිමත්,  ලාභ ඉපයූ ජනතාවට  විශාල සේවයක් කළ සේවාවකි.
1991දී  පුද්ගල සමාගම් ආඥා පනත යටතට පත්වීමත් සමග මෙහි අපගමනය ආරම්භ වූ බව ඔහුගේ අදහසයි. පසුව 1997 දී චන්ද්‍රිකා බන්ඩාරනායකගේ කාලයේදී නැවත පොකුරු බස් සමාගමක් බවට මෙම ආයතනය පත්කරන ලදී. මේ සියලු සංශෝධනයන් හරහා සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තිබූ සියලු විධිමත් පරිපාලන සංස්ථාවන් බිදවැටී අද කිසිදු ප්‍රමිතියකින් තොර ආයතනයක් බවට පත්ව තිබීමයි.
ඔහුගේ අවධාරණයන්ට  අනුව  ලංගමයට අද බදවා ගන්නා නිලධාරීන්  බොහෝ දෙනා සුදුසකම් සහිත පුද්ගලයන් නොවේ.
එමෙන්ම දේශපාලන ගැතිකම් උඩ මෙම සේවයට එන බොහෝ  දෙනා අතින් සිදුවන මූළ්‍ය අක්‍රමිකතා හා වංචා පිළිබද කිසිදු පරීක්ෂණයක් සිදුවන තත්ත්වයක් ද ලංගම පරිපාලනය තුළ දක්නට නොමැත.
කිසිදු මගියෙකු ණයට ගමන් නොකරන අතර මෙම සේවාවෙන් දිනකට ලැබෙන ලාභය පෙර කාලයේදී මෙන් හරියට ගණන් බලා ඒවා නිවරදිව ලැබී තිබෙනවාද යන්න කරන පරීක්ෂණ අද මාස ගණන් ප්‍රමාද වන බවද වාර්තාවේ.
කොන්දොස්තරවරයා සතු ටිකට් පොත්වල අදාළ කොපි පිටපත් ගිණුම් පරීක්ෂකවරුන ් විසින් පරීක්ෂා කිරීම නියමිත කාල සටහනකට නොකෙරෙන අතර ඒවා නිවරදිව පරීක්ෂාකර කොන්දොස්තරවරුන් විසින් සිදුකරන  මූල්‍ය වංචාවන් ගැන දඩුවම් ලබාදීමක් හෝ නැවත එම මුදල් ලබාගැනීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වනවිට සිදුනොවන බව ද  ඔහු පවසයි.
එමෙන්ම අද  ලංගමේ ඇති  මෙම දූෂිත පරිපාලනය නිසා බස් නඩත්තු කිරීම් පවා නිසි පරිදි සිදුනොවේ. සියලූම නඩත්තු  උපකරණ සදහා වැඩි වියදම් දරන (කොමිස් සහිත) බාල බඩු මිළදීගෙන නඩත්තු වාර වැඩිකරගැනීමේ තත්ත්වයක් මෙහි පවතී.
ලක්ෂ ගණනින් ලබාගන්නා උපකරණ සදහා වෙනම කොමිස් මුදුලක් ද ගෙවන නමුත් ඒවාද නිසි ප්‍රමිතියකින් තොර නිසා නැවත නැවත බස් නඩත්තුව සදහා විශාල මුදලක් වැය වන නමුත් එය ලංගම  සේවයේ කාර්ෂක්ෂමභාවයට කිසිදු බලපෑමක් නැත. එමෙන්ම මෙම ලංගම බස්රථ පෙර පරිදි කාල සටහනකට අනුව කාලීනව සිදුකරන නඩත්තුවක් නොමැත.
මෙවැනි දේ සිදුවන්නේ දේශපාලන පත්වීම් හේතුවෙන් කිසිවෙකුත් කිසිදු පරීක්ෂණයක් හො ්විමර්ශනයක් සිදුනොකරන තත්ත්වයක් තළදීය.
පෙර කාලයේදී කොන්දොස්තරවරුන් අතින් ටිකට් නොදීම වැනි වැරදි ක්‍රියා හසුකර ගැනීමට ජංගම පරීක්ෂකවරුන් මෙන්ම පරීක්ෂක කණ්ඩායම් හොදින් නඩත්තු වූ  අතර ඔවුන් ඔවුන්ගේ සේවය අවංකවම ඉටු කළ බව දන්නෝ දනිති. නමුත් අද සිටින සමහර ටිකට් පරීක්ෂකවරුන්  බසයක් පරීක්ෂා කරන විට    අදාළ බස්රථයේ මගීන්ට ටිකට් නොකඩා ධාවනය කර ඇතිනම් ඒ සදහා ගෙවිය යුතු මුළු දඩය නොගෙවා රු 500ක පමණ පගාවක් දුන්විට  එම පරීක්ෂනවරයා එය රැගෙන බසයෙන් බැස යයි. දඩය නොලැබීමෙන් එහි පාඩුවත් ලංගමයටමය. නමුත් ඉන් පසුව ද ටිකට් නොදී බසයේ සිටින සියලූම මගීන්ගෙන් නැවත මුදල් අයකර ගැනීම කොන්දොස්තරවරයා විසින් සිදුකරනු ලබයි. ඒ අලාභයත් ලබන්නේ ලංගමයමය. එබැවින් මෙවැනි තත්ත්වයන් වලක්වා ගත
නොහැකි තත්ත්වයකදී ලංගම දුවන්නේ පාඩු ලබමිනි.
ඔහු පවසන්නේ ඉස්සර කාලේ නම්  බදවාගන්නා සියලූම නිලධාරීන්  පෙර පැවති ජර්මන් තාක්ෂණික පුහුණු ආයතනයේ  වසර 4ක  පුහුණුවකින් පසුව සේවයට බදවා ගත් නිසාත් තවත් තාක්ෂණිත පුහුණු ආයතන කීපයක් තිබුීමත් නිසා සේවයකයන්ගෙන් ගුණාත්මක සේවයක් ජනතා සන්තකයට  ලැබුණ බවයි. අද වන සේවකයන් බදවා ගැනීමේ  කිසිදු ප්‍රමිතියක් නොමැති අතර, අද කොන්දොස්තර හෙට ඩිපෝ  මැෙන්ජර් වන තත්ත්වයක් පවතින බවත් , සුදුසුකම් නොමැති නිලධාරීයෙකුට ඩිපෝ ඉංජිනේරැ විය හැකි තත්ත්වයක් ද පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
මෙම ඩිපෝ සේවකයන්ගේ පඩි නොගෙවීමේ හේතුව පිටුපස ඇත්තේ මෙවැනි  අරාජික ලංගම සේවා පරිපාලනයක් බැවින්
මෙම තත්ත්වය වෙනස් වූදවසක මගීන්ට පවා මෙයිට වඩා හොද සේවාවක් අත්කර දියහැකි බව ඔහුගේ අදසහයි.
ලංගම සේවාවේ යෙදී සිටින අවංක නිලධාරීන් සුළුතරයකට මෙම  දූෂිත තත්ත්වයෙන් ලංගම ගොඩගැනීමට හැකියවක් නොමැතිවීම ගැනද ඔහුගේ කණගාටුව සදහන් කරන ලදී.