
මානව ප්‍රතිශක්ති ඌණතා ආසාදන රෝගය හෙවත් ඒඩ්ස් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි.ලොව පුරා ඒඩ්ස් රෝගීන් මිලියන 38ක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ශ්‍රී ලංකාවේ ද ඒඩ්ස් රෝගීන් 3700 සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ප්‍රතිකාර සදහා යොමුවී සිටින්නේ ඉන් රෝගීන් 2600ක් පමණ පිරිසක් බව වාර්තා වේ.මෙම වසරේදී දිවයිනෙන් වාර්තා වූ නව රෝගීන් ගණන 495කි.එය පසුගිය වසරේ දී හමුවූ රෝගීන් ගණනට වඩා රෝගීන් 132ක වැඩි වීමකි.පසුගිය වසරේදී මෙරටින් හමුවූ රෝගීන් ගණන 363කි.