”අද නිදහස් දවසේ අපේ නිදහස නැති කරලා” -හිටපු ජනපති මහින්ද මීගමුවේදි කියයි

0
128

මහින්ද2ගම් මට්ටමේ සිටින සැබැ ශ්‍රිලංකා කාරයන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් තමන් ඔනෑම අවස්ථාවක ඔනෑ වේලාවක පෙනි සිටින්නට සුදානම් බවත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කිරිමට එදත් පෙනි සිටියා අදත් පෙනි ඉන්නවා හෙටත් පෙනි ඉන්නට කටයුතු කිරිමට කිසිදු පැකිළිමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 04 නිදහස් දිනයේදි මීගමුව කොච්චිකඩේ රනොවේල් හෝටලයේදි පැවසීය.
ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ රැස්වීමකට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේද කීය අද නිදහස් දවසේ අපේ නිදහස නැති කරලා තියෙනවා. මම වසරක් තිස්සේම කොමිසම් වල මගේ පවුලේ අයත් කොමිසම් වල අපේ පක්ෂයේ නායකයා ජනාධිපති වෙලා ඉන්න වෙලාවක පක්ෂයේ අනුශාශකත්වය දරන මට නිදහසේ ඉන්න පුලුවන්ද කියලා තමන්නාන්සේලා දන්නවා මට මේ දේවල් හොඳට පුරුදුයි පක්ෂය වෙනුවෙන් හිරේ ගිය පක්ෂය වෙනුවෙන් ගුටි කාපු මට මේ දෙවල් දරාගන්න පුලුවන් ඒත් අපේ පක්ෂයට මේ කරන හතුරුකම දරාගෙන ඉන්න බැ අපේ පක්ෂයේ පාක්ෂිකයා විඳින දුක මට දරා ගන්න බැ මම එදා සියලු දේ අත හැරලා තංගල්ලට ගියේ විවේකයෙන් ඉන්න එත් අපේ පාක්ෂිකයෝ මට එහෙම ඉන්න දුන්නේ නැ ඒ පාක්ෂිකයා රැකගන්න ඒ පාක්ෂිකයාව අරක්ෂා කරන්න විශ්වාස ක්නෙක් නොමැති නිසා තමයි පැරදිලා ගෙදර ගිය මාව හොයාගෙන ඒ මිනිස්සු ගෙදර ආවේ මිනිස්සු නැත්නම් මහ ලොකුවට නමක් තිබුනට වැඩක් නැ බෝඩ් ලෑලි පක්ෂ ඔනේ තරම් තියෙනවා .
අද රට වටේම් මිනිස්සු ඉල්ලන්නේ පවා දෙන්නෝ ඉන්න පක්ෂයක් නෙමෙයි ඔවුන් ඉල්ලන්නේ තමන්ව රැක ගන්න නායකයෙක් ඉන්න පක්ෂයක් මේ රටට රටේ මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න මම ඉඩක හදලා දුන්නා අද ඒක මිනිස්සු භුක්ති විඳිනවද මාද්‍ය අරක්ෂා කරනවා කියලා සපථ කරපු මහත්වරුම අද මාද්‍යට තර්ජනය කරනවා තාම වසරයි ගියේ ඒ වෙනසට අද අපේ රටේ විපක්ෂය කියා ගන්නා පිරිස මොකද කරන්නේ ඒ අය තවත් ආණ්ඩුවේ හොරනැවක් විතරයි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදි රටකට හොඳ විපක්ෂයක් ඔනේ ගමේ මිනිස්සුන්ට ඒක දැනේනවා ඒ නිසා තමයි මේ රට වටෙන්ම ඉල්ලීම් එන්නේ මට ආයේ නායකත්වයට එන්න කියලා මම තාම තිරණයක් අරගෙන නැ එත් මේ යන විදියට මොන වගේ තීරණයක් ගන්න වේද දන්නේ නැ අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා
චන්දන ප්‍රනාන්දු