අද මීගමුව නගර සභාවට මඟුලක් ද ?

0
39

අද පෙරවරුවේ  මීගමුව මහ නගර සභාවේ නියෝජ්‍ය  කොමසාරිස් ඇතුළු අත්‍යඅවශ්‍ය සේවකයන්  සේ 30 දෙනෙකු පමණ  රාජකාරි වෙලාව නොතකා මංගල උත්සවයක් සඳහා සහභාගී වෙමින් ඇති බව මීපුර වෙබ් අඩවිය ඇමතූ මීගමුව නගරවාසියෙකු ප්‍රකාශ කරන ලදී. සිය අවශ්‍යතා සඳහා මීගමුව මහ නගර සභාවට ගොස් සිටින පුදගලයන්ගේ අවශ්‍යතා සොයා බැලීමට මේ මොහොතේ කිසිවෙකු නැති බැවින්  ඔවුන්ගේ අපහසුතාවයට වගකියන්නේ  කවුද යන්න පිළිබඳව ඔහු විරෝධය ප්‍රකාශ කරන ලදී. නැවත රාජකාරියට පැමිණෙන තෙක් බලා හිටියත් මංගල උත්සවයකට ගොස් නැවත පැමිණෙන්නේ හොඳටම සප්පායම් වී නිසා ඒ කාලය ද අපතේය. නගර සභාවට බදුගෙවන පුද්ගලයන්ගේ කාලය මේ ආකාරයෙන් කා දමන් නගර සභා ‍සේවකයන් සම්බන්ධයෙන් කොමසාරිස්වරයා වගකිවයුතු නොවේද?