අද සෙනසුරාදා ! ගිලෙන්නේ නැතුව නාන්න නම් ,එන්න මීගමුවේ මෝරවලට!

0
328
dig

මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්.
අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා.
මේ දිනවල මුහුදේ වලාල කාලය නිසා රළු බවින් අඩුයි . ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.
මේ නිසල මුහුද මැයි මාසය මැදක් වන තුරු පමණියි.දැන් වලාල කාලේ.
හැබැයි මැයි වලින් පස්සේ වාරකන්
කොහොම උනත් මුහුදේ නාන අයට නම් මේක අපුරු තැනක්.
ඊයේ පෝය දවසේ මේ සුන්දරත්වය විදගන්න විශාල පිරිසක් ඇවිත් උන්න.
අපි මෙහෙම කියද්දිම මෝර වල අවට ධීවරයෝ අපට කියන්නම කියල තවත් කාරණයක් තියෙනවා.
මේ සුන්දරත්වය විනාශ කරන්නේ නැතිව ඒක විදගන්න කියන එක.
වැඩි විස්තර දැනගන්න ඇවිත්ම බලන්නකො……

dig

IMG-20160506-WA0010IMG-20160506-WA0024IMG-20160506-WA0031IMG-20160506-WA0023IMG-20160506-WA0022IMG-20160506-WA0020IMG-20160506-WA0016IMG-20160505-WA0002IMG-20160506-WA0018IMG-20160506-WA0015

IMG-20160506-WA0013IMG-20160506-WA0010ඡායාරූප- තිළිණ චමත් චාරුක පෙරේරා –