අද ‘ X lab ‘ එකේ ස්කෑන් පරීක්ෂණ නවත්වයි ?

0
65

මීගමුව X lab හි  අද උදෑසන 7.30 සිට  සිදුකිරීමට නියමිතව තිබූ  සියලූම ස්කෑන් පරීක්ෂණ හිදිසියේම අවලංගු කළ බව රෝගීන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දී තිබේ. මෙම ස්කෑන් පරීක්ෂණ අතර අත්‍යඅවශ්‍ය, ඉතා ඉක්මණීන් සිදුකරගත යුතු  ස්කෑන් පරීක්ෂණ තිබූ රෝගීන්ට මිනි බලවත් අසාධාරණයක් සිදුවූ වන අතර අදාළ වෛද්‍යවරයා අද නොපැමිණෙන්නේ නම් ඊට විකල්පයක් ද තිබිය යුතුය. මීගමුවේ කිසිදු වෛද්‍ය මධ්‍යස්ථානයක් හෝ පුද්ගලික රෝහලක්  තුළ අද උදේ 7 සිට 11 දක්වා පරීක්ෂනයක් සිදුකරගැනීමට පහසුකමක් නොමැති බවද විමසා බැලූ විට වාර්තා විය.
නවලෝක රෝහලේ ස්කෑන් පරීක්ෂණ  ආරම්භ වන්නේ අද පෙරවරු 12 සිටය.මේ තත්ත්වය නොදැන මීගමුවට පැමිණෙන රෝගියෙකුට සිදුවන්නේ රස්තියාදු වී ,පාඩු සිදුකරගෙන නැවතත් හැරී යාමටය. එමෙන්ම රෝගියෙකුට  හදිසි ස්කෑන් පරීක්ෂණයක් සිදුකරගැනීමට සිදුවුවහොත් එයටද විසඳුමක් නොමැති. දවල් 12 හෝ 1.00 වනතෙක් සිටිය යුතුය. X lab මෙන්ම අනෙකුත් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන යැපෙන්නේ රෝගීන්ගෙන් වුවත්  රෝගියාගේ අවශ්‍යතාවය ගැන ප්‍රමුඛස්ථානයක් නොමැත. මීගමුවට හෝ ඊට ආසන්න ප්‍රදේශයකට සියලු පහසුකම් සහිත ,මුදල් ගෙවා සේවාවන් ලබාගතහැකි රජයේ රෝහලක් ස්ථාපිත වනවා නම් රෝගීන්ට මෙවැනි අසාධාරණකම් විඳින්නට සිදුවීම අවමකර ගතහැකි වන අතර මීගමුවේ රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වල අවධානය මේ වෙනුවෙන් යොමුවිය යුතුය.

අයිවන් පෙරේරා
මාරවිල