අද(30)අපි මූදූ යනවා ! හෙට මාළු උයලා කනවා !

0
101

විවිධ අයවලුන් විසින් ගිනි ගන්නා නැවේ රාසානික අප ද්‍රව්‍ය හේතුවෙන් මුහුදේ මසුන් මැරි ඇතැයි කිම සැබැවින්ම පදනම් විරහිත කථාවක් බව අද විශේෂ පුවත් පත් සාකච්ජාවක් පවත්වමින් මිගමුවේ ධිවර සංවිධාන නායකයෝ කියා සිටිති.
මාධ්‍ය ඔස්සේ පෙන්වා තිබුනේ කරමුරලා , තෙප්පයා , වැනි මසුන් ගැනය.මේ වාරකන් සමයේ කැස්බෑවුන් මිය යාම සාමන්‍ය දෙයක් බවද ධිවර නායකයෝ අද කියා සිටියහ.
දැනට රැකියා කිරිම තහනම් කොට ඇතැයි කියන කලාපයේ බහුල වසයෙන් සිටිනුයේ සාලයන් , හුරුල්ලන්, සහ හාල් මැස්සන්ය. එහෙත් ඒ එකදු මාළු වර්ගයක් මිය ගොස් ඇතැයි මේ වන තුරුත් කිසිදු වාර්තාවක් පළව නැත.
ප්‍රයෝගික දැනුම නැති ඇතැමුන් කර ඇති ඇතැම් ප්‍රකාශ හේතුවෙන් මේ වන විට ධිවරයා දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටිති.අද සවස අපි මුහුදු යනවා . හෙට අපි අපේ තොටුපළවල් වල මාළු උයලා කාල පෙන්වනවා යැයි ධිවර නායකයෝ අද පැවැති මාධ්‍ය හමුවේදි අවධාරණය කර සිටියහ
හැඳල සිට පෝරුතොට දක්වා මුහුදු තීරයේ ධිවර සමිති නායකයන් මෙම හමුවට එක්ව සිටියහ