අධ්‍යාපන උත්සව වලදී ප්‍රධාන තැන තවමත් දේශපාලනඥයින්ට ?

0
444

මේ දින වල පාසල්  ක්‍රීඩා උත්සවය පැවැත්වෙන අතර ඒ  බොහෝමයක් පාසල් වල අවසාන දිනයේදී පැවැත්වෙන විශේෂ උත්සවයට ප්‍රදේශයේ දේශපාලනඥයින් සහභාගී වී සිටිනු ඡායාරූප වලින් දක්නට ලැබුණි. මෙම ක්‍රීඩා උත්සවය වෙනුවෙන් පාසලේ දරුවන් මෙන්ම පාසලේ ගුරුවරුන්ද මාසයක් පුරා විශාල වෙහෙසක් දරති.
ඒ වගේම පාසලේ දරුවන්ද මේ වෙනුවෙන් ශ්‍රමයෙන් මෙන්ම මුදලින් ද දායකත්වයක් දක්වති. එහිදී පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන්ට ද විශේෂ ස්ථානයක් හිමිවිය යුතුය. මේ සියලු මහන්සිය අවසානයේ  එහි ඉදිරියෙන්ම සිටින්නේ දේශපාලන නියෝජිතයෙකි. අඩුම ගනනේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධානීන්වත් මෙම උත්සව වල මුල්තැන ගන්නවා නම් එයට හේතුවක් තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උත්සව වලදී දේශපාලනඥයින්ට ආරාධනා කිරීම හෝ ඔවුන් සහභාගී කරවා ගැනීම අනිවාර්්‍ය අංගයක් නොවන අතර මෙහිදී ප්‍රධාන තැන ලැබිය යුත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට හා පාසලේ  ප්‍රධානීන් හටය. ආදී සිසුන් හෝ සංගම් වලටය.  නමුත් සමහර පාසල් වල ප්‍රධානීන්ට දේශපාලකයන් ගාවා නොගෙනම බැරිය. මෙය හොද සම්ප්‍රදායක් නොවන අතර වෙනස් විය යුතු හා ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස් විය යුතු අංගයකි. බෙහෝ අවස්ථා වලදී විදුහල්පතිවරුන් හෝ  එහි  තවත් පුද්ගලයන් තමන්ගේ පුද්ගලික උවමනාවන් ද මේ මගින් ඉටුකර ගනිති. මන්ද පේ රටේ දේශපාලකයන්ට ද සෑම තැනකම මූණ දා ගැනීමේ උවමනාවක් ද තවමත් පවතී. ඒ වෙනුවෙන් අධ්‍යාපන  ක්ෂේත්‍රය තුලද තමන්ගේ වන්දි භට්ටයින් නිර්මාණය කරගැනීමට ඔවුන් වගබලා ගනිති.
මහජනතාවගේ බදු මුදල් වලින් ලබාදෙන ප්‍රතිපාදන පාසල් සංවර්ධනය වෙනුවෙන් වෙන්කිරීමෙන් පසු පාසල් පාලනය දේශපාලනඥයින්ට ‘සර්’  කිව යුතු යැයි ඔවුන් කල්පනා කරයි.
මේ රටේ ඇතිවිය යුතු යහපාලන සංස්කෘතිය තුළදී මෙවැනි වන්දි භට්ටකම් නැති ස්වාධීන අධ්‍යාපන ක්ෂේත්‍රයක් නිර්මාණය විම කාගෙත් සිහිනයකි.
පර්සි නානායක්කාර
82482_600