අධ්‍යාපන නිලධාරින්ගේ එකමුතුවෙන් තෛයිපොංගල් කළඑලි වෙයි…

0
277

මීගමුව  කලාප අධ්‍යාපන කාර්යාලය තවත් ආයතන   සමග එක්ව තෛයිපොංගල් වෙනුවෙන් අලංකාරවත්  සංස්කෘතික වැඩසටහනක් අද   (31 වනදා ) මීගමුවේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට මීගමුව  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුළු අධ්‍යක්ෂ මන්ඩලයේ නියෝජිතයින් මෙන්ම ජා -ඇල අධ්‍යාපන  කලාපය නියෝනය කරමින් අධ්‍යාපන නිලධාරීන් මෙන්ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. මෙම තෙතයිපොංගල් උත්සවය සිංහල හා දෙමළ ශිෂ්‍ය ශීෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් මෙන්ම හා ඔවුන්ගේ කලා හා සංස්කෘතික නිර්මාණ වලින් හැඩගැන්වී , උත්සවය  ඉතා ආකර්ශනීයව පැවැත්වෙන ලදී.Welihena RCTV

ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්