අධිකරණ නියෝගයක් පමා කරන්න කූට සැලැස්මක් ?

0
58

chamila posterමීගමුව රෝහලේ සේවයේ නියුතුව සිටි සුදර්ශන බාලගේ නැමති වෛද්‍යවරයෙකු නිදහස් වෙළද කලාප සේවිකාවක  දුෂණය කොට රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනය කළේ ය යන චෝදනාව යටතේ විභාග වෙමින් පවතින නඩුවේ තීන්දුව ප්‍රකාශ විමට දැන් ආසන්නව පවති.
මෙතෙක් විමර්ශනයට ලක්ව ඇති සියළු කරුණු වලට අනුව අදාල වෛද්‍යවරයා විසින් ඇයව දූෂණය කර ඇති බව මෙන්ම 6 වන මහලින් බිමට දැමිම සමබන්ධයෙන් ද අධිකරණය වෙත කරුණු වාර්ථා වි ඇත.
මෙතෙක් ඉදිරිපත්ව ඇති කරුණු මත පදනම් වන්නේ නම් ඝාතනයට ලක්වු චමිලා දිසානායකගේ ඝාතකයා මිනිවරුවෙකු විම අනිවාර්යයකි.
තතු එසේ වුවද මේ නඩුවේ විත්ති පාර්ශවයට සම්බන්ධ මීගමුවේ නිතිඥයෙකු බොහෝ තැන්වල පවසා ඇත්තේ කෙසේ හෝ මේ නඩුවේ වෛද්‍යවරයා කෙසේ හෝ බේරෙනු ඇති බවය.
මේ සියළු වර්ධනයන් හේතුවෙන් ඝාතනයට ලක්වු චමිලා දිසානායක වෙනුවෙන් සාධාරණය ඉටු කිරිම සදහා මහජන සහය ලබා ගැනිමේ අරමුණෙන් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරිමට නියමිතව ඇත.
ඒ සදහා යුක්තිය සාධාරණත්වය පතන සැමගේ සහය ඇවැසිව තිබේ.