අධිවේගී මාර්ගයේ වැඩි සෙනඟ බෑ !

0
154
dav

 

dav

( 11.02 am ) අධිවේගී මාර්ගයේ A/C බස්රථවල ගමන් කරන මගීන් තමන්ගේ ගමන සදහා වැඩි මුදලක් වැයකර මෙම අධිවේගී මාර්ගවල ගමන් කරන බස්රථ වලට ගොඩ වන්නේ අපහසුතාවයකින් තොරව ගමනාන්තය දවා තම ගමන යාමේ අපේක්ෂාවෙනි. නමුත් සමහර කොන්දොස්තරලා මගී අවශ්‍යතාවයට වඩා තමන්ට ලැබෙන ගතමනාව ගැන සිතා කටයුතු කරන බව ලැබෙන තොරතුරු අනුව පෙනේ.

ඉදගන යා හැකි  ආසන වලට වඩා වැඩි මගීන් ප්‍රමාණයක් තම බස්රථයට ගොඩකරගැනීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්කරගෙන තිබේ.
සමහර බස් මුදලාලිලා දැනුවත්වම මෙය සිදුවනබවත් තොරතුරු ලැබී ඇත.
ඒ පිළිබදව   අධිවේගීමාර්ග පොලීසියෙන් කළ විමසුමකදි  ඔවුන් ප්‍රකාශ කළේ නිතර මෙහෙයුම් කටයුතු කරන බවත්, අතට අසුවූ අවස්ථාවල ඔවුන් කෙලින්ම අධිකරණයට යොමුකරන බවත්ය.