අනතුරකට අතවනන දළුපත වල

0
143
කලින් තිබුන තත්වය

මීගමුව,  දළුපත  පිල්ලෑව  පාරේ    අනුර මහතාගේ   නිවස  ඉදිරිපිට    දින  ගනනාවක්  තිස්සේ  වැසි  ජලයද  එකතුවීම  නිසා  විශාල වූ   ලිඳක් සේ  දිස්වන  වලකි.  මෙම  වල  නිසා  පාරේ  යනඑන  මගීන්  සේම  වාහනද  ගමන්  කිරීමේදී  අපහසුතාවයට  ලක්වේ.  මීගමු  නගරයේ  මෙවැනි  ස්ථාන  කොතෙකුත්  ඇති  නමුත්   මේ  ගැන  අප  විමසිලිමත්  විය  යුත්තේ  දහස්  ගනනක්  ජනතාව  මේ  මගින්  යනඑන  බැවිනි.

හෙට  දිනයේ  ( 13දා)  දළුපත   දේවස්ථානයේ   මගල්‍යය  වන  බැවින්  මේ  සඳහා  පිළියමක්  යෙදීම  අත්‍යවශ්‍ය  කාරණයක්  බව  ප්‍රදේශවාසීන්  පවසයි.  මීට  පෙරද  අප  වෙබ්අඩවිය  මගින්  මෙවැනි  අනතුරුදායක  ස්ථාන  පිළිබඳව  වගකිවයුත්තන්  දැනුවත්  කළ  නමුත්  ඒවා  ක්‍රියාත්මක වීම  සිදුවන්නේ  ඉබි  ගමනින්ය.   දළුපත  කොට්ඨාශයේ  පාලක  පක්ෂයේ   නාගරික  මන්ත්‍රීවරයෙක්   පසුගිය  දිනවලදී  පොදු  ජනතාවගේ  අවශ්‍යතාවට  විරුද්ධව  යමින්  තමන්ගේ  පුද්ගලික  වාසිය  මත  පොදුජනතාවගේ මුදලින්  කානුවක්  සැකසූ  ආකාරය  අපි  දැක්කෙමු.  ඒ  තනිපුද්ගලයෙකුගේ  අවශ්‍යතාව  මතය. එසේම  එම  කටයුත්ත  අනවශ්‍ය  ලෙස  දැමූ  කානුවක්  මගින්  මුදල්  අපතේ  යැවීමක්  බව  ප්‍රදේශ වාසීන්  පවසා  ඇත.  නමුත්    පිල්ලෑව  පාරේ  ඇති  මෙම  වළ  සම්බන්ධයෙන්  එම  නාගරික  මන්ත්‍රීවරයාට  හෝ  මීගමුව  නගරසභාවටද  අවශ්‍යතාවයක්  නැත.  නගරසභාවේ  පාලකයින්ද  තමන්ගේ  විනෝද  ගමන්  යාම  වැනි  කටයුතු වලට මුල්තැන  දෙනවා මිස   මෙවැනි  දේවල්  සොයාබලා  කටයුතු  කිරීමට  අවධානය  නොදීම  කණගාටුවට  කරුණකි.  ඒ  නිසා  අප  වගකිවයුත්තන්ගෙන්  ඉල්ලා  සිට්න්නේ  මෙම  වල  ඉතා  ඉක්මනින්   වසාදමා  පිල්ලෑව  පාරේ  මෙම  ස්ථානය  නිසිලෙස   සකස්කර  දෙන  මෙන්ය.

IMG-20190612-WA0004

ඡායාරූප හා සටහන –  සැම්සන් ඥාණසිරි