( 1.30 pm ) මීගමුව බිච් පාක් තුල මුදල් ගෙන සංවිධානය කරනු ලබන බෝට්ටු සවාරි සැබැවින්ම අවධානම්සහගත වෙමින් තිබේ . මේ තත්වය වඩාත් තහවුරු වුයේ පසුගියදා මේ එක් බෝට්ටුක් පෙරළි යාමත් සමගින්ය.
වාසනාවට කිසිවෙකුටත් ජිවිත අනතුරක් සිදුව තිබුනේ නැත.
කෙසේ වෙතත් අනාරක්ෂිත ලෙසින් සිදුකරනු ලබන බෝට්ටු ගමන් නිසා අහිමිවු ජිවිත ගැන මිගමුවට ඇති ආසන්නතම සිදුවිමට යන්නම් මාස දෙකක් වත් පිරි ගොස් නැත.
මුදල් හම්බ කිරිම වෙනුවෙන් ජිවිත අනතුරේ හෙළිමට ඇති ඉඩ කඩ පාලනය කිරිමට පොලිසිය වහා මැදිහත් විය යුතුව තිබේ. විනෝද කටයුතු සංවිධානය විය යුත්තේ එහි සේවාව ලබන්නාගේ ජිවිත ආරක්ෂාව ගැනද අංක එකටම අවධානය යොමුකරමින්ය.
එහෙත් එදා සිටම බිච් පාක් තුල මේ කරුණු ගැන අවධානයක් යොමු කර නැති බවට වන උදාහරණ ඕනෑතරම්ය. බිච් පාක් එක අවට මුහුද අතිශය භායනකය . එහි වන කුඩා ගල්පර වල ඇති බෙන සැබැවින්ම මේ අවධානය දෙගුණ තෙගුණ කර ඇත.
පසුගිය කාලය තුල මෙහි දිය නෑමට පැමිණි අය පමණක් නොව රැල්ල පෑගිමට ගිය දරුවන් පවා මුහුදට බිලිවි ඇත
මේ අනතුරුදායක තත්වයන් දැන්විම් පුවරු සවිකිරිමට පවා මෙහි පාලකයන් කටයුතු නොකිරිමෙන් පෙන්නා දුන්නේ මුදල් හම්බ කිරිම පමණක් අංක 01 වි ඇති බවය