අනතුරකට පෙර සුළුපන්න ධීවරයාට විසඳුමක් දෙන්න

0
82

fish 2මහ මුහුදේ   පැවති  නීතිය  සහ  යුක්තිය  කඩමින්, මේ දිනවල  විශාල  බෝට්ටු  සංඛ්‍යාවක්  වැල්ලවීදිය  ප්‍රදේශයේ  ගොඩ මුහුදු  තීරයේ   ධීවර  රස්සාවේ  යෙදෙන  බව  තෙප්පම්  ධීවරයෝ  පවසති.  සය  මසක්  පමණක්   රස්සාව  කරමින් ,  ඉතා  කුඩා  ප්‍රමාණයකින්  මාළු  අල්ලා  තම  ජීවිතය  ගැටගසා  ගන්නා  මෙම  සුළුපන්න  ධීවරයා  මේ  අනුව  අසීරු  තත්වයකට  පත්වී  ඇත. තමන්  පත්වී  සිටින  මෙම  කාරණය  සම්බන්ධයෙන්   නිරන්තරයෙන්  සාකච්ඡාකරන  තෙප්පම්  සමීතියේ  සාමාජික  පිරිස  ප්‍රශ්ණයට  විසඳුමක්   ලැබිය  නොහැකි  වුවහොත්  මේ  වෙනුවෙන්   ලේවැගිරීමක්   වියහැකි  බවට  අනතුරු  අඟවයි.  සියළු  දෙනාම  ආවේගකාරීව  සමීති  රැස්වීමේදී  අදහස්  දැක්වූ  අතර   අප  මීට  පෙරද මේ  සම්බන්ධයෙන්   ලිපි  කිහිපයක්  පළ  කළෙමු.DSC_1220

අවස්ථා  කිහිපයක්,  මිගමුව  ධීවර  කාර්්‍යාලයට  ගොස්  වගකිවයුතු  නිලධාරීන්  හමුවී  මේ  ගැන  සාකච්ඡා  කළද  තවමත්  විසඳුමක්  ලබා ගැනීමට  හැකිවී  නොමැත.   2019  -2  – 11 .දින  ඔවුන්  ධීවර  සහකාර  අධ්‍යක්ෂක  හමුවීමට  ගියද  ඔහු  නොසිටියෙන්  එදින  ප්‍රධාන  ධීවර  පරීක්ෂක  ලෙස  කටයුතු  කළ  මාරසිංහ  මහතා  සමඟ  කෙටි  සාකච්ඡාවකින්  පසු  නැවත  පුළුල්  සාකච්ඡවකින්  පසුව  මේ  සඳහා  විසඳුමක්   ලබාගත  හැකි  බවට  පොරොන්දුවක්  දෙමින්  විසිර  ගියහ. එසේම  නැවත ( 16වන  දින  )  සහකාර  ධීවර  අධ්‍යක්ෂක  බණ්ඩාර මහතා  හමුවී  සාකච්ඡා  කළ  බව  තෙප්පම්  ධීවර  සමීතියේ  සභාපති   ප්‍රදීප්  මහතා  අප  සමඟ  පැවසීය.  එහිදී  පියතුමන්ලා,  වගකිවයුතු  නිලධාරීන්,  ධීවර  සමීති  නායකයින්  කැඳවා  සාකච්ඡාකර  මෙම  ප්‍රශ්ණය  විසඳීමට  කටයුතු  යොදන බවට  පොරොන්දුවී  ඇත.  මේ  පිළිබඳව  දැනගැනීම  උදෙසා   අප ධීවර සහකාර අධ්‍යක්ෂක බණ්ඩාර  මහතා  දුරකථනයෙන්  සම්බන්ධ  කර  ගතිමු.  ඒ  අනුව  ඉහත  පොරොන්දුවූ  පරිදි තෙප්පම්  ධීවර   නායකයින්  හා  කථාකළ  බවද,  ඉදිරියේදී  ප්‍රශ්ණය විසඳා  ගැනීම  සඳහා  කටයුතු  කරන  බවත් ,ධීවර  අධ්‍යක්ෂක  වරයා  අප සමඟ  පැවසීය.