අනතුරක් කොට දෙදෙනෙකුට දිවි අහිමි කළ ජනපති සොයුරා රක්ෂිත බන්ධනාගාරයට

0
85

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගම්ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අද (09) පොලොන්නරුව පොලීසියට බාරවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ලාල් සිරිසේන මහතා පොලොන්නරුව මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සඳුදා (11) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව ලංකා ට්‍රෘත් වෙබ් අඩවිය වාර්ථා කර සිටි.

මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න මහතා සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පත්ව තිබේ..

අළුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන මහතා විසින්ම එම රථය ධාවනය කර ඇති අතර අනතුරෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබිණි. ඉන් පසු අද පස්වරුවේ අදාළ රථය සමග ලාල් සිරිසේන මහතා පොලීසියට බාර වී ඇත. පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශ අනුව ලාල් සිරිසේන මහතාද ඉන් මගහැරයාමට ඉඩ ලැබී නැතැයිද lankatruth.com වෙබ්අඩවිය සදහන් කරයි.

ඊට අදාළ නඩුව යළි ලබන හෙට දිනයේ (සැප් 11 )කැදවිමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here