අනතුරට ලක්වූ පහන් කණූව ගැන තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර නැත්තේ ඇයි ?

0
362
DSC05273(1)
කාමච්චෝඩයේ පොළ ඉදිරිපිටතිබූ අනතුරින් කඩාවැටී ඇත වීදි පහන් කණුව /
ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්

පසුගිය අප්‍රේල් 04 වනදා අලුයම රියදුරෙකු අතින්  අනතුරට ලක්වූ  කාමච්චෝඩයේ පොල ඉදිරිපිට පිහිටා තිබු වීදි පහන් කණුව   සම්බන්ධයෙන්  කිසිදු ආයතනයක් විසින් මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ බලධාරීන් දැනුවත්කර නොමැත. මේ සම්බන්ධයෙන්
පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කාර්යාලයේ ගවේෂන නිලධාරියෙකු මීපුර වෙත කියා සිටියේ යම් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් වස්තුවක් අනතුරකට ලක්වී ඇත්නම් ඒම වස්තුව හෝ ඉදිකිරීම මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තවේ ලේඛනගතවී නැතත් ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට බලය ඇති බවයි.
මෙම පහන් කණූව සම්බන්ධව යම්  ඓතිහාසික වටිනාකමක් තිබෙන බව පැහැදිිලි  අතර
එය අනතුරට ලක්කර ඇති රියදුරාව ද මේ වනවිට මීගමුව පොලීසිය විසින් නිදහස් කර ඇති බවත් වාර්තා වේ. පුරාවිද්‍යා ආඥා පනත යටතේ යම් පුරාවස්තුවකට හානි සිදුකළහොත්
අධිකරණය මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන වාර්තාව දෙන තෙක් එම පුද්ගලයා නිදහස් කිරීම නීති විරෝධීය. මේ වනවිට මීගමුව පොලීසිය හෝ මීගමුව මහ නගර සභාව විසින් හෝ එවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මීගමුවේ පුරාවස්තුවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලය දැනුවත් කර නොමැති බව එම නිලධාරීන් පවසති.

DSC05272(1)
කාමච්චෝඩයේ පොළ ඉදිරිපිටතිබූ අනතුරින් කඩාවැටී ඇත වීදි පහන් කණුව
ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්

DSC05273

කාමච්චෝඩයේ පිහිටා ඇති තවත් පැරණී වටිනාකමක් ඇති පහන් කණුවක්
කාමච්චෝඩයේ මාලු මාර්කට් එක අසල ඇති වීදි පහන් කණූව/ඡායා – සුජායිල් මුනියර්

අධ්‍යක්ෂ ජෙරාල්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07
+94-11-2695255
සහකාර අධ්‍යක්ෂ/බටහිර
බස්නාහිර පළාත්  කාර්යාලය
මාකස් ප්‍රනාන්දුමාවත ,කොළඹ 07
දු.අ. 0112667377

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here