අනතුරු දායක ලුණුකඩ හංදියේ පාර හැදෙන ලකුණු…?

0
83

මීගමුව  ලුණුකඩ  හංදියේ   නිතර  සිදුවු   අනතුරුද  සළකා  බලා  ලිපි  ගණනාවක්    ඉදිරිපත්  කරමින්   සහ  අදාළ  බලධාරීන්  හමුවී  කථාකර   මෙහි අබලන්   තත්වය පෙන්වා  දුන්නද  තිබුනු   මුරගෙය  කඩා   නව  මුරගෙයක්  හැදුවා  හැරෙන්නට  වෙන  කිසිවක්  සිදු  නොවීය. මීගමුව  ලුණුකඩ  හංදිය  ගැන  නැවත වරක්  වගකිවයුතු   අය  සෙවීමටත්  ඔවුන්ගෙන්   මේ  පිළිබඳ  විමසීමටත්  අප  යොමුවූයේ    අද (6දා)    මාර්ග සංවර්ධන   අධිකාරියෙන්    මෙහි  මැනුම්  කටයුතු   කරමින්   සිටි බැවිනි.
මේ  සඳහා  මුලින්ම   මාර්ග සහ  කර්මාන්ත   ප්‍රධාන  ඉංජිනේරු  මහතා   ඇමතූ   නමුත්  ඔහු  නොසිටි   හෙයින් දුම්රිය  දෙපාර්තමේනිතුවේ   අශෝක  මහතා  ඇමතුවෙමු.  නමුත්  ඔහු  ප්‍රකාශ කළේ  ඔවුන්ට  අයිතිවන්නේ   දුම්රිය   පාර පමණක්  බවය. තාරපාර  අයිති  වන්නේ   පළාත්සභා,  නගරසභා  සහ  මාර්ගසංවර්ධන   වැනි   ආයතන  බවය. ඔහුගේ   අදහස  අනුව  නම්    ලුණුකඩ හන්දිය අයත් මාර්ගයේ වගකීම ඇත්තේ    අද  මේ  මැනුම්  කටයුතු  කරන පුද්ගලයන්ට ට විය හැකි බවයි. එසේනම්   මැනුම්  කටයුතු වලින්  පසුව   ඉතිරි  වැඩ  ඇරඹේ  යැයි    අපට බලාපොරොත්තු තැබිය හැකිය.

lunukada juntion
lunukada juntion

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here