අනන්‍යතාවය තහවුරු නොවූ පුද්ගලයින් 34 දෙනෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට

0
104

kochi tpwenපසුගිය 21 වනදා  මීගමුව,  කටුවපිටිය  දේවස්ථානයේ  සිදුවූ  මිනිස්  ඝාතනයෙන්  පසුව  හමුදාවේ  සහ  පොලීසියේ  මෙහෙයවීමෙන්  මේ දිනවල මීගමුව    සහ  අවට  ප්‍රදේශ  කිහිපයක  සෝදිසි  මෙහෙයුම්  දියත් වෙමින් තිබේ.  මේ  අනුව  කොච්චිකඩේ  පොලීසිය  මැදිහත්වීමෙන්   ඊයේ  (02) කොච්චිකඩේ  ප්‍රදේශයේදී    මෙහෙයවීමක්  කර ඇති  අතර    මෙහිදී    37  දෙනෙකු  සැකපිට  අත්අඩංගුවට  ගෙන  ඇත. මෙම  මෙහෙයුමේදී  කඩු  දෙකක්  සහ  සිගරට්  පැකට්  400ක් ද  අත්ඩංගුවට  ගෙන  ඇත.

අත්අඩංගුවට  ගත්  37  දෙනා  පිළිබඳව  අනන්‍යතාව  තහවුරු  කර ගැනීමෙන්  අනතුරුව  34  දෙනෙක්  මුදා හැර  තිදෙනෙකු  ඉහතකී  නඩු  භාණ්ඩ  සමඟ  අධිකරණයට  යොමු  කරන බව     කොච්චිකඩේ  පොලීසියේ  පොලිස්  ස්ථානාධිපති  චන්ද්‍ර පත්මලාල් මහතා  තවදුරටත්  අප සමඟ  පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here