අනවශ්‍ය ලෙස සහල් ආනයනය කිරීමට බලපත් ලබාදීම සම්බන්ධයෙන් වෙළද ඇමතිට චෝදනා ?

0
74

අසීමිත ලෙස සහල් ආනයනය කිරීම නිසා රසායනික පොහොර තහනමෙන් සිදු කළ හානියට වඩා වැඩි හානියක් වර්තමාන රජය මගින් ගොවියාට සිදු කරමින් සිටින බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා  පසුගියදා පවසා ඇතැයි ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

වැඩි දුරටත් එහි සදහන් වන්නේ රසායනික පොහොර තහනම නිසා රටේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 11ක් හෙවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් අඩු වූ බවය.

සහල් ආනයනය කළ යුත්තේ එම ප්‍රමාණය ආවරණය කිරීමට පමණක් නමුත් මේ වනවිට මෙට්‍රික් ටොන් ලක්ෂ 8 කට වැඩියෙන් ආනයනය කර ඇති බව පැවසේ.

එසේම තවදුරටත් ආනයනය කරමින් පවතින බවට ද ඔහු චෝදනා කරයි.

කවුරු ලොකු පුටුවල සිටියත් මෙය දිගටම කරගෙන යන අතර, මෙලෙස සහල් ගෙන්වන්නේ සහල් හිඟයක් නිසා නොව කොමිස් හිඟයක් නිසා බව සභාපතිවරයා අවධාරණය කර ඇතැයි ද එම පුවතේ සදහන්ය

රටේ විශාල ඩොලර් හිඟයක් තිබියදී මෙලෙස අනවශ්‍ය පරිදි සහල් ආනයනය කිරීම බලවත් අපරාධයක් යැයි ඔහු සඳහන් කළේය.

අනවශ්‍ය ලෙස සහල් ආනයනය කිරීමට බලපත් ලබාදීම සම්බන්ධයෙන් මේවන විට චෝදනා එල්ලව ඇත්තේ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින්  දැන ගන්නට ඇතැයිද ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත