අනවශ්‍ය සුභපැතුම් සහ අශෝභන හැසිරීම් මැද එ .ජා .ප . ය නගරසභා රැස්වීමෙන් නැගිට යති.

0
128

UNP at Mc

මීගමු  මහ නගරසභාවේ මහ සභා  රැස්වීම  පැවැත්වූ   දින(නොවැ. 01දා )  යොජනා  සහ  අදහස්  වාරයේදී   රටේ  මතුවී  ඇති  තත්වය පිළිබඳ  සත්‍ය   යට කරමින්   ජනතාවට  හොරෙන්  ව්‍යස්ථාවට පිටින් බලයට  පත්කරනලද  නව  අගමැති  පිළිබඳව  සුභාශිංසන  යෝජනාවක්  නගරාධිපති  තුමා  විසින්  ගෙනෙන  ලදී.
මෙම  අවස්ථාවේදී   එ.ජා.ප.  නාගරික  මන්ත්‍රී  ගිහාන්  මහතා  එම  යෝජනාවට  එකඟතාවය  පළ  නොකරමින්   අගමැති  පත්කිරීමේදී  සැළකියයුතු  කරුණු   පිළිබඳව   මතුකරමින්   පැහැදිළි  කිරීමක් කරනලදී.
මෙහිදී   මෙම  කථාවට  බාධා  කරමින්  ක්‍රියාකළ  සුභාශිංසන  යෝජනාව  ඉදිරිපත්  කළ නගරාධිපති වරයාගේ   මන්ත්‍රීවරු  අතර  සිටි  එක්තරා    මන්ත්‍රීවරයෙකු    ඉතා  අශෝභන  අන්දමින්  හැසිරුනු  බවට  දැනගන්නට  ලැබින.
වෙනත්  පක්ෂයකින්   පැමිණ  මුදලට  විකිණී ගිය  මොහුට   මේ  මන්ත්‍රී කම  කටුස්සෙකුට    ඔටුන්නක්  ලැබුණා  හා  සමානය යැයි නම සදහන් නොකළ එජාප නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.
එමෙන්ම   ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රින්  තිදෙනා   මෙම  සුභාශිංසනයට  එරෙහිව  කිසිවක්  නොකීවා  පමණක්  නොව  තම  අසුන්වලින්   ඉවත් නොවූ  බවද  අසන්නට  ලැබින.
මේ  අතර පොහොට්ටුවේ    කාන්තා  පාර්ශවයෙන්   හූ  හඬක්  සමඟ  වෙනත්  වචන  වළින්  කරනලද   අශෝභන   හැසිරීමක් දේශපාලනට එක්ව සිටින රටේ කාන්තාවන්දට නිගාවක් බව එජාප මන්ත්‍රිවරුන් කියා සිටියහ.
මේ  සියළු   තත්වයන්  මැද   තමන්ට  රිසිසේ  යෝජනා  සම්මත  කරගනිමින්   සභාවේ  කටයුතු  කරගැනීමට   ආණ්ඩු  පක්ෂය  සමත්වී  ඇත.