අනවසර ඉදිකිරීමක් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් නවති!

0
103

IMG-20190627-WA0037IMG-20190627-WA0038
මීගමුව පිල්ලෑව පාරේ කලින් ලක්ෂානි ස්ටෝස් යනුවෙන් තිබුනු ගොඩ නැගිල්ල මේවන විට අයිතිකරු වන්නේ මහේෂ් නම්වූ බයයිබල් ආගමේ පූජක වරයෙකි. මොහු විසින් මෙම ගොඩනැල්ලට අළුතින් කඩ කාමර හතරක් සහ ඉහල මාලයට අළුතින් කොටසක් එකතු කර ඇත.මේ ගැන සුපර්සෝනික් පදනමේ සභාපති අනුර මහතා සමඟ ප්‍රදේශවාසීන් කොච්චිකඩේ නගරසභාවට පැමිණිලි කරන ලදී. ඒඅනුව එම අවස්ථාවේම ඊට අදාල තාක්ෂනික නිලධාරිනී දිනිති මහත්මිය එම ස්ථානය පරීක්ෂා කරන ලදී. මෙ⁣හිදී එය අනවසර ඉදිකිරීමක් ලෙස පෙන්වා දුන් ඇය මෙය නතර කරන මෙන් මහේෂ් මහතාට අවවාද කරන ලදී. එවිට ඔහුද එය වැරදි බව පිළිගෙන සාදන ලද කොටස් කඩා ඉවත් කරන බවට පොරොන්දු විය. නමුත් ප්‍රදේශවාසීන්ට මොහු ගැන විස්වාසයක් නැති නිසා නැවත මීගමු රසභාවේ නාගරික කොමසාරිස් වෙත පැමිණිල්ලක් කරන ලදී.
මෙම තත්වය මීගමුවේ පවතින අශෝභන සහ අශීලාචාර ක්‍රමවේදයකි. නගරයේ හයිය ඇති අය ජනතාවට සිදුවන පීඩාවට වඩා බලන්නේ තමන්ගේ වැඩේ පමණක් ඉටුකරගැනීමටය. ඒනිසා අප මෙම පුද්ගලයා පොරොන්දුවූ අයුරින් කටයුතු කරන්නේදැයි විමසිල්ලෙන් සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here