මෙම අනවසර ඉදිකිරීම සිදුකරන ලද්දේ වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජැකට් කෝනර් හි අධිපති , අනිල් ප්‍රනාන්දු නම් පුද්ගලයෙකි. මෙම ඉදිකිරීම ඉවත් කරන ලෙස අදාළ වගකිවයුතු ආයතන කීපයක්ම ලිඛිතව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා වෙත දැනුම් දී තිබුණ ද ඔහු විසින් මේ වනතෙක් එය ක්‍රියාත්මක කර නොමැත.
දැනට වාර්තා වන අන්දමට හලාවත ගොවිජන සේවා කොමසාරිස්තුමිය විසින් මෙම නීති විරෝධී ඉදිකිරීමට විරුද්ධව නඩු පැවරීමට ක්‍රියා මාර්ග ගෙන ඇති බව ද වාර්තා වේ. ඒ අතර වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු පැවසූවේ මෙම වැවේ ඉදිකර ඇති සියලූම අනවසර ඉදිකිරීම් හේතුකොටගෙන වෙන්නප්පුව වැව සම්පූර්ණයෙන් මැනීමක් කරන ලෙසට පුත්තලම මිණුම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇති බවයි.