අනවසර කඩ යටින් ගලන කුණු කානුවේ කුණුවූ දේශපාලනය….

0
262

DSC_1039

 

(3.00pm)මීගමුවේ සමනල ගොඩනැගිල්ල , ග්‍රීන්පාක් , වාසනා බේකරිය යන ගොඩනැගිලි අසලින් ගලා බසින කාණුවකි.
මීගමුවේ තවත් කාණු ගණනාවකින් එකතුවන වතුර මෙම කාණුවට එකතුවී කලපුවට වැටෙයි. මෙම වතුර තද කළුපැහැයෙන් යුතුය.
නගරයේ විශාල කුණු ප්‍රමාණයක් මෙම කාණුව දිගේ පැමිණ කලපුවට බැහැර කරන්නේ විශාල හානියක්ද කරමිනි.

මෙම කාණුව දිගේ එන කුණු සුද්ධ කිරීමේ හැකියාවක් නැත.
මන්ද කාණුව යටකරගෙන ඉදිවී ඇති අනවසර ගොඩනැගිලි සහ පාරවල් ඊට බාධාකාරීව පවතින හෙයිනි. පසුගිය කාලවකවානු තුළ මෙම අනවසර කටයුතු සඳහා අවසර ලැබීමේ හේතුවෙන් මේ තත්වය ඇතිවී ඇත.

කාණු මත ඉදිකළ පාර සහ ඒ අසල රක්ෂිතය අල්ලා ඉදිකරන ලද තට්ටු ගොඩනැගිල්ල.

මීගමුවේ අප ජලය බැහැර කිරිම සඳහා ඉදිකෙරුණ කාණු පද්ධතිය නිසි ප්‍රමිතියකින් නිමකිරිමට අපොහොසත් වු ලංසා පාලනය එහි නියමිත මුදල් කල් ඇතිව අවසන් කරගෙන තිබුණ නිසා මේකි  අප ජලය කලපුවට මුදාහරුණේ කිසිඳු පිරිපහදුවකින් තොරවය.
ව්‍යාපෘතියට අනුුව නම් එය නිසි ප්‍රමිතියකින් යුතුව පිරිපහදු කිරිමට පියවර ගත යුතු තිබුණි..
ඉන් නොනැවතුන ලංසා පාලනය මේ කාණු රක්ෂිතය අල්ලා තට්ටු ගොඩනැගිල්ලක් ඉදිකරගැනිමට සිය සහචරයන්ට ඉඩසලසා දිමය.

සල්ලි ලැබේනම් ඕනෑම දෙයක් කරන්නට සූදානම්වූ පාලකයින්ට පින්සිදුවන්නට තමන්ගේ අරමුණු ඉටු කරගත් මේ කඩකාරයෝ ඉහතකී බලධාරීන්ට පඩුරු පාක්කුඩම් සපයා තමන්ගේ වෙළහෙළදාම් දිගටම කරගෙන යාමට සමත්වී ඇත.

මේ පිළිබදව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වරයෙකුවූ ලලිත් ටෙන්සිල් මහතාගෙන් විමසා සිට අවස්ථාවේ ඔහු කියා සිටියේ මේ සම්බන්ධව ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන බවත්ය.
අනවසර ඉදිකිරිම් ඉවත් කරනවා යැයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වන වත්මන් පාලකයන්ගේ ඇත්ත කෙරුවාව මිගමුවේ බදුගෙවන ජනයා අනිවාර්යෙන්ම දැනගත යුතුය.
මාධ්‍ය වලින් කොයිතරම් පුම්බන්නට උත්සාහ කළද ඉදිරියේදි මේ සියළු අනිතික ක්‍රියා ලංසා පවුලටම පාරා වලල්ලක් වන දිනය වැඩි ඈතක නැත.

සියළු කුණු වසා ගෙන කිසි හිරිකිතයක් නැතිව පොදුදේපල තම පුද්ගලික දේවල් ලෙස සලකා කටයුතු කිරීමේ ඉතිහාසයක් ඇති මෙම අයිය මලෝ දෙපල කුමන නෙයියාඩමක් නැටුවත් කෙදිනක හෝ සත්‍යයට මුහුණදීමට සිදුවන බව අප අවධාරණය කරමු.