නගරයක හදන ගොඩනැගිලි සඳහා අවසර ගතයුත්තේ එම අදාල නගරසභාවෙන් බව අපි දනිමු . මේ සඳහා නගරාධිපතිවරයාද ඇතුළුව නිලධාරීන් සිටී. නමුත් මීගමුවේ පවතින ප්‍රතිපත්තිය වෙනස්ය.
හිතවතෙක් නම් එය කිසිදු බාධාවකින් තොරව අවසර ලබයි .
නැතිනම් කොතරම් සුදුසු තත්වයක තිබුනද අවසර ලබන්නේ ඉතා අපහසුවෙන්ය.
මේ සඳහා ඕනෑතරම් උදාහරණ ඇත .
දළුපත ප්‍රදේශයේම එවැනි අවස්ථා කිහිපයක් අප අත්දැක්කෙමු . මෑත උදාහරණය වන්නේ දළුපත මෙතෝදිස්ත දේවස්ථානය පසුකර යනවිට හමුවන තුංමන්හන්දියේ ඉදිකල ගොඩනැගිල්ලයි.
මේ අනුව බලාසිටියදී ගලින් ගල බැඳින. සිමෙන්ති සහ හුනු කපරාරුවත්, තීන්ත ආලේපයත් සමඟින් තරප්පු පෙළ, ගේට්ටුව ආදී සියල්ලම කෙටි කාලයක් තුළ නිමවිය.
මෙය විශ්මය ජනකය .
මේ ගැන අවස්ථා කිහිපයකදී අදාල නිලධාරීන්ට ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබින .
අපද මේ ගැන විමසා සිටි අතර එය තහනම් බවත්, නඩු දමන බවත් ප්‍රකාශ කරන ලදී .
නමුත් මේ සියල්ල තුළ ඔවුන් කළේ රඟපෑමක් බව හොඳින්ම පැහැදිළි විය .
තමන්ගේ යහළුවෙක් නම් බාධා කිසිවක් නැතිබව මෙම අත්දැකීම විසින් අපට නගරසභාව උගන්වන පාඩමයි.
මේවනවිට මෙහි වැඩ අවසන්ය. ගම්වාසීන් මෙම අසාධාරණය ගැන දන්වා පෙත්සමක් අත්සන් කරන ලදී . එය ජනාධිපති වරයා වෙතද යොමුකර ඇති අතර ඒසඳහා ලැබෙන පිළිතුර කුමක්දැයි බලාපොරොත්තුවෙන් සිටී. මෙතෙක් සිදූවූ පරිදි යහළුවන් මත සැකසෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේද නැතිනම් රජයෙන් මේගැන සාධාරණයක් ඉටුකරාවිද යන සාධක දෙකට ඉඩදී බලාසිටීම හැර ගම්වාසීන්ට වෙනත් විකල්පයක් නැත.
වත්මන් ජනපති ආවේ සිස්ටම් චේන්ජ් කරන්නටය. ඒ වෙනුවෙන් ඔහු බස්නාහිර වියත්මගේ ආණ්ඩුකාරවරියක්ද පත්කර තිබේ.
දැන් අපට මේ අයගෙන් අසන්නට වන්නේ මීගමුවේ තාමත් ක්‍රියාත්මක වන්නේ වැල්ලවිදියේ ලංසා පවුලේ නිතිය මිස ගෝඨා සර්ගේ වියත් මගේ දැක්මනම් නොවන බවය.