අනවසර ගොඩකිරීම හදිස්සියේම නවත්වයි

0
262

DSC_0983

(3.46pm)කොච්චිකඩේ  නගරසභා භූමිය  ඇතුළත   මාඔය  ආසන්නයේ  ඕවිටියවත්ත ප්‍රදේශයට  යාබදව  ඇති  අක්කර  හයක  පමණ  භූමිභාගය  ගොඩකිරීම  සඳහා  යම්කිසිවෙකු  උත්සාහ  දරන  බව  පසුගිය  දිනෙක   මීපුර  නිව්ස්  වෙබ්  අඩවියෙන්   හෙළිදරව්  කළෙමු. ලක්ෂ්මන්  ජයසිංහ  මාවත  මෙම  ඉඩමේ  තවත්  මායිමකි. මේ  වනවිට එසේ  ගොඩකරන්නට  සූදානම්වූ  පුද්ගලයා   මේ සඳහා  ගෙනැවිත්  තිබුනු  පස්  ගොඩවල්  වෙනත්  ඉඩමකට  ගෙනගොස්  දැමූ  බව  අපට  වාර්ථා විය. කෙසේ  නමුත්  මේ  ගැන  අප  මීගමුව  ප්‍රාදේශීය  ලේකම්  කාර්්‍යාලය,  මෙම  ඉඩම  පුද්ගලික  එකක්  බවත්  ,එසේම  මේ  සඳහා  නඩුවක්ද  පවතින  බවත්ය.  ප්‍රදේශවාසියෙක්  පැවසුවේ  ඉඩම  අයිති  පුද්ගලයෙක්  පසුගිය  දිනවල  මියගිය  බවත්ය.  මෙම  ඉඩම  තුළ  විවිධ   අනවසර  කටයුතු  සිදුවූ  සහ  සිදුවන  තැනක්  වශයෙන්  භාවිතාවන  බවත්,  එසේම  මස්කටු  ,  අසූචි  ආදිය  දැමීම  නිසා  මෙම  ප්‍රදේශයම  දුර්ගන්ධයෙන්  යුතු  බවත්  අවට  සිටින  අයෙක්  අප  සමඟ  පැවසීය.

මීගමුව  නගරසභාවෙන්  මෙහි  අයිතිය   ගැන  විමසූ  අවස්ථාවේ   කොමසාරිස්වරිය  අප සමඟ  පැවසුවේ  මෙය  පුද්ගලික  ඉඩමක්  වන  බවය.  වෙරළ සංරක්ෂණයෙන්  ප්‍රකාශකළේ  මේ  ගැන  නොදන්නා  බවය. ප්‍රාදේශීය  ලේකම්  කාර්්‍යාලයේ  මේ  පිළිබඳව  කටයුතු  කරන  මාධව  මහතා  ප්‍රකාශකළේ  මේ  ඉඩම  සම්බන්ධයෙන්  නඩුවක්ද  පවතින   අතර  කිසිවෙකුට  මේවා  පහත්බිම්  නිසා  ගොඩකිරීමට  නම්  ප්‍රාදේශීය  ලේකම්  කාර්්‍යාලයෙන්  අවසරයක්  ගතයුතු  බවය.    අප මීට  පෙරද  මේ  ඉඩම  ගැන  සඳහන්  කළේ  ස්වභාවික  පරිසරයක්  ලෙස  විවිධ  සතුන්  සහ ශාඛ වර්ග  ඇති   ස්ථානයක්  ලෙස   මෙම  බිම්තීරු  රැකගතයුතු  බවය.  ඒ නිසා  මෙවැනි  ඉඩම්  සම්බන්ධව  මීට  වඩා  අවධානයකින්  කටයුතු  කිරීම  අදාල  බලධාරීන්ගේ  යුතු කමක්  සේම  වගකීමක්ද  වනබව  කිවයුතුය.