අනවසර පත්තර තට්ටුව සහ තෝරා බීඩි මුදලාලිගේ ක්ලබ් එක !

0
442

පත්තර තට්ටුව 1

අනවසර කඩ ඉවත් කළ පසු තෝරා බිඩි මුදලාගේ සමාජ ශලාවට එලිය වැටුන හැටි
අනවසර කඩ ඉවත් කළ පසු තෝරා බිඩි මුදලාගේ සමාජ ශලාවට එලිය වැටුන හැටි

(2.15 pm ) පසුගිය දිනක මිගමුව නගරයේ පිහිටි පත්තර තට්ටුවක් මහනගර සභාවේ කම්කරුවන් සහ නිලධාරින් පැමිණ වීරයන් සේ ඉවත් කරගෙන යන පින්තුරු නගරාධිපති වරයා සිය මුහුණු පොතේ මහත් උජාරුවෙන් යොදා තිබුණි.
දේශපාලන හයිය මත කාලයක් තිස්සේ එසේ පවත්වාගෙන ගිය මේ පත්තර අලෙවි හල ඉන් ඉවත් කිරිමක්  ගැනද එහි සදහනක් විය.
මේ පත්තර අලෙවි සැල පසුගිය කාලය තුල තිබුනේ නම් ඒ කාගේ පාලනය යටතේද? ඒ පළමුව ඇසිය යුතුව ඇති පැනයකි.
අනික් පැනය වන්නේ අනවසර යැයි කියා පත්තර තට්ටුවක් නගර සභාවේ නිළධාරි පැලැන්තිය පැමිණ ලොරියක පටවාගෙන යද්දි එයට මිටර කිපයකට එහායින් ඇති තෝරා බිඩි මුදලාලිගේ ක්ලබ් එක අමතක විමය. එම ගොඩනැගිල්ල හා බැදුන අනිතික කරුණු රැසක් පසුගිය කාලය වරින් වර මතුව තිබුණි.
තතු එසේ වුවද ඒවා ගැන කිසිදු මැදිහත්විමක් සිදුකිරිම ලංසා පවුල් හවුල් පාලනය කටයුතු කර තිබුණේ නැත.
එපමණක් පසුව පසුව ගිය කාලය තුල මේ නිතිවිරෝධි ගොඩනැගිල්ලට තවත් වරදාන ලබා දෙමින් එකි සමාජ ශාලාවට පැමිණෙන වාහන පාක් කරගැනිමට පමනක් එය පාරට වඩාත් හොදින් පෙනෙන්නට සලසා තවත් ඉඩකඩ ලබාදිමටද කටයුතු කර තිබුණි.
ඒ අනුව පැහැදිලිව පෙනි යන්නේ මුහුණු පොතේ අසරණයන්ගේ පත්තර තට්ටු ඉවත් කර මුහුණු පොතේදි වීරයාට අදින වත්මන් නගරාධිපති තුමා තෝරා බීඩි මුදලාලිගේ වැනි තමන්ට ලක්ෂ ගණනින් මුදල් පොම්ප කරන කෝටිපතියන් හමුවේ ගලඋඩ කැතකළ බළලාගේ තත්වයට වැටෙන අයුරුය.
.