අන්තර්ජාලය ඔස්සේ සමාගම් සංස්ථාපනය කිරීමේ පහසුකම මෙරටට හදුන්වාදීම පසුගිය දා සිදුවිය. E-ROC නමින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. මෙම නව පියවර ශ්‍රී ලංකාව තුළ සමාගම් ලියාපදිංචිය කාර්යක්ෂම කරමින් Doing Business දර්ශකයේ ඉහළ ස්ථානයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමට හේතුවනු ඇති බව වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා පවසා සිටියි.
රුපියල් මිලියන 75 කට අධික පිරිවැයක් දරා දියත් කර අති මෙම ව්‍යාපෘතිය මගින් මෙතෙක් කලක් සමාගමක් ලියාපදිංචිය සඳහා ගත වූ දින 9 ක කාලය දින 1 ක් දක්වා අඩුකර ගැනීමට හැකි බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති සමාගම්, සමාගම් නාම වෙන්කිරීම, ලියාපදිංචි කිරීමේ අයදුම්පත් යැවීම, නාම අනුමත තත්ත්වයන් විමසීම් වැනි සේවාවන් රැසක් මෙම නව ව්‍යාපෘතිය හරහා ලබා ගත හැකිය.
මේ පිළිබඳ වැඩි විස්තර http://43.224.127.148:8080/InfoBizRegWeb/pages/public/index.xhtml වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.