අන්තිමට ආණ්ඩුව සහල් මාෆියාව ඉදිරියේ දණ ගැසුවා… මේ ආණ්ඩුව ෆේල්…

0
173

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව සහල් මාෆියාව ඉදිරියේ දණ ගැසූ බවත් මෙම ආණ්ඩුව ෆේල් බවත් හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ මහතා මේ බ වැසූවේ ඊයේ (29) හොරණදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුර වික්‍රමනායක මහතා…

“රජය මිල නියම කළත් මෝල් හිමියා තමයි තීරණය කරන්නේ කීයටද ගන්නේ කියලා. ඊලඟට කුඩා මෝල් හිමියන්. අපි මේ කතා කරන්නේ ලොකු මෝල් හිමියෝ ගැනනේ. ඇයි කුඩා මෝල් හිමියන් ගැන කතා කරන්නැත්තේ. ඇයි ඒ මෝල් වැහුනේ කියල කතා කරන්නේ නැත්තේ. ඒවගැන හිතන්නේ නැත්තේ. ඒ සඳහා වැඩපිළිවෙලක් හදමු. එහෙම යතාර්තවාදී ප්‍රායෝගික වැඩපිළිවෙලක් හැදුවොත් පමණයි මේ සහල් ඒකාධිකාරියක් ගොඩනැගෙන්නේ නැත්තේ.

අද කොයි තරම් ඒකාධිකාරියක් ගොඩනැගිල තියෙනවද කියනවනම් ආණ්ඩුවට පවා දණ්ඩ නමස්කාරය කරන්න සිද්ධි වෙනවා ඒකාධිකාරිය ඉස්සරහ. ඒකයි වුනේ. මේවට ඉඩ දෙන්න බැහැ. මේ වෙනුවෙන් කරන්නට ඕන සියල්ලක්ම කිරීමට ආණ්ඩුව වගබලාගත යුතුයි.

ආණ්ඩුව ෆේල්, ආණ්ඩුව ෆේල් කියන්නේ දැනට මාස එකහමාරකට දෙකකට ඉස්සෙල්ලා එක මිලක් තිබුනා. ඊට පස්සේ තව මිලක් දැම්ම දැන් තව මිලක් දානවා. ආණ්ඩුව ෆේල්. ෆේල් කියලා කියන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් වුනත්.”