අන් සිත් දිනා ගැනීමට නොදත් සිත් ටීවී මාධ්‍ය කලාව

0
96
    දිනපතා සිදුවන සිදුවීම් වාර්තාකිරීම අතර වේගවත් වාර්තාකරනය සිදු වන්නේ අන්තර්ජාලය හා වෙබ් අඩවී හරහාය.එහිදී සමාජ ජාලා එම වෙබ් අඩවි පවත්වාගෙන යාමට මහත් රුකුලක් වෙ. එනම් පාඨ්කයා තම වෙබ් අඩවිය වෙත් ගෙන ඒම සදහා වෙබ් කරුවා විසින් මහත් උත්සාහයක් දරයි.
වඩා විස්වසනීය හා තොරතුරු සහිතව ඉදිරිපත් කිරීම් මෙහිද මූලිකවම සලකා බලයි.
පාඨ්කයා ඇද ගැනීමට පින්තූර වීඩීයෝ පට මෙන්ම සිත් ඇදගන්නා සුලු මාත්‍රූකා යෙදවීමද මෙහිදී උපායමාර්ගිකව සිදු වේ.
    ලාංකීය ගොසිප් කලාව තුල සිදුවීමක් කාලයක් පුරාවට තලු මර මර රසවිදීම හා එය උපහාසයට ලක් කිරීම වැනි දෑ අන්තර්ජාලය පුරා සැරිසරන අපට දැකිය හැක. එයට ලොල් වී ඇති පාඨ්ක සමාජයක්ද සමාජ ජාල තුලින් අපට හමු වේ.
ගොසිප් කලාව ප්‍රගුන කරමින් අසත්‍ය ප්‍රචාර රැගෙන යන වෙබ් අඩවියක් නිතර නිතර මුහුනු පොතේ දක්නට ලැබේ.
සිදුවීමක් රස කර කර තලු මරා ලග සිටියා සේ කීමටද ඔවුන් හරි දක්ෂය. පාඨ්කයාට ලේ පෙන්වීමටට ඔවුන් හරි ප්‍රිය කරති.  ඒ කාලයක් තිස්සේ එම වෙබ් අඩවිය තුල ප්‍රචාරය වූ වීඩීයෝ පට හා සිදුවීම් වාර්තාකරනය පිලිබඳ දුටු අසහ්‍ය අභ්‍යාසය නිසාවෙනි.
මෙයට ආසන්නතම සිදුවීම වන්නේ ඉතාලියේ මෙසීනා නගරයේ  ලාංකීක කාන්තාවක්න් විසින් සිදු කර ගත් සිය දිවි නසා ගැනීමේ පුවතක් සමගය. සිත්ටිවී වෙබ් අඩවිය  මගින් ප්‍රචාරය කර තිබූ පරිදි මෙය සිය දිවි හානි කරගැනීමක් නොව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් කල ඝාතනයක් බවද ඔහු මේ වන විටත් පොලිස් අත් අඩංගුවේ  බව වාර්තා කර තිබුනි.තවද එම කාන්තාව හා ස්වාමි පුරුෂයා අතර කලක් තිස්සේ ආරවුල් ඇති වූ බවද පවසා තිබේ.
   මෙම සිදුවීම හා මෙම සිදුවීමට මුහුන දුන් කාන්තාව පෞද්ගලිකවම හදුනන අතර මෙම සිදුවීමෙන් පසුවද එම නිවසට යෑමට අවස්තාව හිමිවිය. එදින රාත්‍රියේම මරණ පරීක්ෂක විසින් මරන පරික්ෂණය පවත්වා එය සිය දිවි හානි කරගැනීමක් බව ප්‍රකාශ කළ අතර එම කාන්තාව මුලින්ම දුටු ඇගේ ස්වාමියාගෙන් පොලිසීය විසින් කට උත්තරයක් රැගෙන නිවසට යෑමට අවසර දී ඇත. මෙම  මරණය සිදුවීමට ප්‍රථම ස්වාමියා විසින් සවස 7ට පමන නිවසට පැමිණ ශබ්ද විකාශන යන්ත්‍රයක් රැගෙන ගොස් ඇති අතර නැවත 9.15ට පමණ ඔහු නිවසට පැමිණ ඇත. එම කාලය තුල මෙම මරනය සිදු වී ඇති බව ඔහු පවසයි. ඔවුන් අතර කිසිදු ගැටලුවක් නොතිබූ අතර නෑ හිත මිතුරන්ගේද එම දෙදෙනා ගැන මෙන්ම කාන්තාව ගැන තිබුණේ යහපත් ආකල්පයකි. මේ වන විටත් දේහය නිවස වෙත ගෙනවිත් නොමැති  අතර ලංකාවට යැවීම සදහාද දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තා වේ.
    සිත්ටීවී අනුන්ගේ සිත් ඇද ගැනිමට අසත්‍ය  ප්‍රචාර පතුරුවන්නේ සිදුවිම මඟින්  පාඨකයාට කුතුහලයක් ඇත් කිරීමටද ?නමුත් එම පුවත යටින් ඇති ප්‍රතිචාර තුලින් ඔවුන්ගේ නිරුවත් එලිපිට රග දැක් වේ. මින් පසුවට හෝ කලපනාකාරිව මෙන්ම සොයාබැලීමක් සිදු කර සිදුවීම් වාර්තාකිරීම වැදගත් බව මතක් කර දෙන්නේමු.
http://sithtv.com/2015/10/27/%e0%b6%89%e0%b6%ad%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%99%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb/

දිල්ශාන් ක්‍රිෂාන්ත – මෙසීනා
fbimage

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here