අනාරක්ෂිත ගබ්සා කිරීමෙන් වසරකට මරණ 47000ක්??

0
188

සමාජය තුල පවතින යමක් හරි හෝ වැරැද්ද පිළිබදව වන මතවාදය කතෝලික පල්ලිය විසින් පාලනය කරන රාජ්‍යයක් ලෙස ප්‍රචලිත වෙනිසියුලාවේ, කාන්තාවක් ගැබ්ගත් පසු එම දරුගැබ විනාශ කර ගැනීමට අවසර ඇත්තේ මවගේ ජීවිතයට එමගින් යම් හානියක් සිදුවන්නේනම් පමණි.එමනිසා එරට වයස අවුරුදු 12 – 49ත් අතර කාන්තාවන්ගේ සිදුවන මරණ වලට හේතුවන දෙවන විශාලතම සාධකය වී ඇත්තේ නීතිවිරෝධී ගබ්සා කර ගැනීමයි. එලෙසම ලතින් ඇමරිකානු කාර්‍යාලය පවසන පරිදි එරට සිදුවන කාන්තා මරණ වලින් 16%කටම හේතුව වන්නේත් නීතිවිරෝධී ගබ්සා කරගැනීම් වීමත් විශේෂත්වයකි. එක්සත් ජාතීන්ගේ වාර්ථා වලට අනුව වසරකදී ලොව පුරා නීතිවිරෝධී හා අනාරක්ෂිත ගබ්සා කර ගැනීම් මිලියන 22ක් පමණ සිදුවන අතර එමගින් වසරකදී කාන්තාවන් 47000කට අධික පිරිසක් මිය යාමද සිදුවේ.

abortion_2147498b-large_trans++qVzuuqpFlyLIwiB6NTmJwZwVSIA7rSIkPn18jgFKEo0

චිලී, ඩොමිනිකන් රාජ්‍යය,එල් සැල්වදෝරය,හයිටි,හොන්ඩුරාස්,නිකරගුවා ඇතුළු බොහෝමයක් ලතින් ඇරිකානු රටවල් මෙන්ම කැරීබියන් රාජ්‍යයන් බොහෝමයතකත් ගබ්සා කිරීම නීති විරෝධීයි.එ නිසා මේ කලාප වල සිදුවන මාතෘ මරණ වලින් 10%ක් ඉක්මවූ ප්‍රමාණයක් සිදුවන්නේ නීතිවිරෝධී ගබ්සා කිරීම් හේතුවෙනි.

නීතියෙන් තහනම් කිරීම මිනිසුන්ගේ අව්‍යතාවයන්  හෝ සිදුවන ගබ්සා කරගැනීම් අඩු නොවන බවත්,එමගින් සිදුවන්නේ නීතිවිරෝදී මෙන්ම අනාරක්ෂිත සේවාවන් වල යෙදී සිටින තරුණියන්ගේ මෙන්ම කාන්තාවන්ගේද සෞඛ්‍ය හා ජීවිත අවධානමට ලක්වීම පමණක් බවයි එක්සත් ජාතින්ගේ සංවිධනය පවසන්නේ

වෙනිසියුලාවේදී කිසිදු ආකාරයකින් කිසිදු කාන්තාවකට හෝ තරුණියකට නිවැරදි ශල්‍යකර්මයක් මගින් ගබ්සාකරගැනීමට අවසර හිමි වන්නේ නැහැ.ඒ නිසා ඔවුන් තමන්ගේ ගැබ්ගැනීම සගවා ගැනීමට හා එය ඉවත් කර ගැනීමට තෝරාගන්නේ වඩාත්ම අනාරක්ෂිත ක්‍රමයි. ඒ අතරින් විශේෂ වන්නේ සමාජ ජාලයන් මගින් ප්‍රසිද්ධ කර ඇති ඔෟෂධ වර්ගයකි. ගබ්සා කර ගැනීමට වෙනත් විසදුමක් නැති අවස්ථාවන්දී කාන්තාවන් විශාල පිරිසක් මේ පෙති භාවිතා කිරිමට යොමු වනවා. අධික රුධිරය වහනය වීම,මෙන්ම දරුණු විශබීජ ආසාදනයන් මෙම ඖෂධ ලබා ගැනීමේදී ඇතිවන ප්‍රධානතම අතුරු ආබාධ වනවා. මෙහිදී මෙවැනි තත්වයන් නැවතත් නිවැරදි කරගනිමින් අවශ්‍ය ප්‍රතිකාර සිදුකර ගැනීමට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු අවශ්‍යමයි. නමුත් එසෙ වෙවද්‍යප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විශාල කාන්තාවන් පිරිසක් මිය යාම හා විශාල සෞඛ්‍යමට ගැටළු වලට මුහුණ දීම සිදුවනවා.

FYRECE-xlarge

එලෙසම විශේෂයෙන් ලතින් ඇමරිකානු රටවල් වල විශය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය මේ වන තෙක් ඇතුලත් වී නොමැති අතර ලිංගික අධ්‍යාපනය තවමත් එවැනි රටවල් වල සැලකෙන්නේ කුණුහරපයක් ලෙසයි. එමෙන්ම දෙමව්පියන්ද දරුවන් සම මෙවැනි මතෘකාවන් සාකච්ඡා කිරීමට දක්වන මැලිකම නිසාම දැරියන්ට මෙවැනි අවවාදයන් ලබා ගැනීමට අවශ්‍ය වන පසුබිමක් සැකසීමක් සිදුවන්නේත් නැහැ.

කාන්තාවන් කිහිපදෙනෙකු ඇසුරු කරමින් ඔවුන් හා ලිංගිකව එක්වන පිරිමින් එවැනි සමාජයක ප්‍රසාදයට ලක්වෙමන් වීරයන් සේ සලකන අතර ඔවුන් සමග ඇසුරු කරන කාන්තාවන් සමාජයේ නින්දාවට හා අවමානයටත් ,ජීවිත තර්ජනයටත් ලක්වීම සිදුවේ.එය මෙවැනි සමාජයක මුල්බැස ඇති සංස්කෘතීය ලක්ෂණ වල එක් විනාශකාරී පැතිකඩකි. දැන් සමාජය සිතන ආකාරය වෙනස් වීමට කාලය එලඹ ඇත.

 

චින්තිකා මිතිලායා /chinthi490@gmail.com
http://www.telegraph.co.uk ඇසුරිණි.