ඉතාලියේ සිට මීට වසරකට පෙර නිවාඩුවක් සදහා ලංකාවට පැමිණ සිටි පිය-පුතු දෙදෙනෙකු වෙන්නප්පුව ලුණුවිල ප්රදේශයේ ආනාරක්ෂිත දුම්රිය කපොල්ලකදි සිය මෝටර් රථය දුම්රියේ ගැටිම හේතුවෙන් ඉතා අවාසනාවන්ත ලෙස මරුමුවට පත්විය.
මේ දෙදෙනා සමරමින් පසුගිය දිනක ඉතාලියේ වෙරෝනා නුවරදි පාපන්දු තරගාවලියක් සංවිධානය කළ බව මීපුර වෙබ් පාඨකයෙකු වු චමින්ද මහතා අප හා බෙදා ගත්තේය.
බොහෝ දේ ටික කලින් අමතකව යන යුගයක කාර්යබහුල ජිවිතයක් ගෙවන මේ හිතවතුන් පිරිස තමන්ගෙන් සදහටම සමුගත් පිය පුතු දෙදෙනා සමරන්නට පියවර ගැනිමම වේගයෙන් වියැකි යන මිනිස්කම යළිත් මතුකරලිමක් සේ දකින්නෙමු.