අනිල් වැවට නැවතත් අනවසරයෙන් බොරළු බායි

0
72

WP_000140
වෙන්නප්පුව වැවේ සිදුකර ඇති අනවසර ගොඩකිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට ක්‍රියා  කරන බවට ජුනි 27 වනදා ගොවිජන සේවා කොමසාරිස්වරිය  අප වෙත පවසා සිටි අතර එයට අදාළ මැනුම් කටයුතු කරන ලෙසට පුත්තලම් මිනුම් දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව වෙන්නප්පුව ප්‍රා.ලේකම්වරිය අප සමග  පවසා සිටියාය.
එසේව තිබියදි මේ අනවසර ඉදිකිරීම සිදුුකර ඇති පුද්ගලයා විසින් නැවතත් එම ස්ථානයට බොරලු පුරවන්නට පටන් ගෙන ඇති  බව ප්‍රදේශවාසීන් වාර්තා කරති.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ගොවි සමිතියේ ලේකම්වරයා පවසන්නේ තමන් මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් විමසුව ද ඔහු ඒ පිළිබදව නිසි පිළිතුරක් නොදුන් බවයි.
නමුත් ප්‍රදේශයේ ජනයාගේ දැඩි විරෝධයක් මේ වනවිට මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇත.
ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයන්ට මහජනයා අවැසි වන්නේ මැතිවරණ සමයේදි පමණි. ඉන් අනතුරුව ඔවුන් රකින්නේ තමන්ගේ ජන්දයට මුදල් ආධාර කළ ව්‍යාපාරියන්වය.
වෙන්නප්පුව ප්‍රාදේශිය සභාෙව් සභාපති සුසන්න මහතා පිලිබදව අප අමතා කථා කළ ගම්වාසින් පවසා සිටින්නේ සන්විල් බේකරි ව්‍යාපාරිකයාගේ උවමනාවට pizza hut එක අසල වු බස් නැවතුම ඉවත් කිරිම නිසා මේ ගිනි ගහන අව්වේ බස්රථ වලින් ගමන් යන සාමාන්‍ය ජනයාට බස්නැවතුම් ආවරණයක් රහිතව ඉන්නට සිදුව ඇති බවය.
එලෙසින්ම දැන් වැව වෙනුවෙන්ද  ප්‍රාදේශිය සභාපති  ව්‍යාපාරිකයන්ගේ අයිතිය සුරැකිමේ පරම චේතනාවෙන් වැඩකටයුතු කරගෙන යන බවය.