අනුන්ගෙ රෙදි ගැලවෙනතුරු බලා සිටින වෙබ් ගොසිප්

0
436

23e1e536041d983128a7d2807759a3fe

මෑතකදී ප‍්‍රදර්ශණය වන චිත‍්‍රපටයක රගපාන නිළියක් රූපවාහිනී වැඩ සටහනකට පැමිණ නර්ථනයක යෙදෙන අවස්ථාවක ඇය ඇඳ සිටි කමිසයේ බොත්තමක් ගැලවීමෙන ඇයගේ පපු පෙදෙස මොහොතකට යන්තමට නිරාවරණය වෙයි.

මෙය දකින ගොසිප් වෙබ් අඩවි ඇයට සජීව වැඩ සටහනකදී සිදුවූ එම හදිසි අවස්ථාව හුවා දක්වන්නේ අප සමාජයේ ගැහැනියකට ඇති ආරක්‍ෂාව කෙබඳුද යන්න විදහා පාමිණී.

ගොසිප් වෙබ් අඩවි මෙය වාර්ථා කරන්නේ එම නිළියගේ නම බාවිතා කර ඇයගේ රහස් ප‍්‍රදේශය එළියට පනී. බලන්නෙකෝ විලි ලැජ්ජයි කියාය. මේ ගොසිප් මාධයට අනුව එය විළි ලැජ්ජාවක් නම් එය රටටම පෙන්වන්න හදන්නේ කුමන අරමුණකින්ද ?.

එම වීඩියෝවෙ ඉතාම පැහැදිලි ලෙස ඇයට නටන විට කමිසයේ බොත්තම ගැලවීමෙන් ඇයගේ උඩුකය මොහොතකට දැක්වෙන අතර ඉන් පසු ඇය එය වසා ගනිමින් සිය නර්ථනයේ යෙදෙයි.

එම නිළියගේ කුක්කු එළියට පැමිණි බව තවත් වෙබ් අඩවියක් සඳහන් කර තිබිණි.

සීගිරියේ චිත‍්‍රවල ඒ ගැහැනු එලියේ දමාගෙන සිටින්නේ තනය. වර්තමාන ගොසිප් කරුවන්ට අම්මාගේ තනයෙන් කිරි බී ඇති නිසා අනිත් ගැහැනුන්ගේ තනයක් දැක්ක විට ඒවා හුවා දක්වන්න උත්සාහ කරන්නේ අම්මාගෙන් බිවූ කුක්කු මතක් වීමෙනි.

ගැහැනියකට සමාජය ඉදිරියේ සිදුවන යම් හදිසි අකරතැබ්බයකදී පිරිමි සමාජය ඒවා රසාලිප්ත කොට ගෙන ගැහැනිය පීඩාවට පත් කරති. මෙම සිදුවීම එහි එක් උදාහරණයක් පමණි.

අම්මාගේ තනය උරා බිවූ පුත‍්‍රවරුණි… මේ සමාජයේ ගැහැනියට සිය මව ට මෙන් සළකන්න පුරුදු වෙන්න.


මනෝහරී හේවාවසම්